පොහොර කාබනිකද? රසායනිකද?


කාබනික පොහොර විතරක් භාවිතා කරලා අපේ අම්මයි අප්පච්චි දෙන්නා අක්කර බාගයක එළවළු, පළතුරු, කුළුබඩු, පළාවර්ග ඔක්කොම 50ක් වගා කරලා තියෙනවා පහුගිය ටිකේ.

හාල් ටික කුඹුරෙන් ගන්න නමුත් ඒවට නම් රසායනික පොහොර මෙච්චර කල් භාවිතා කරලා තියෙනවා. නමුත් කාබනික පොහොර යොදලා අස්වැන්න ටිකක් අඩුවීමක් බලාපොරොත්තු උනත් ඒක හොදයි කියලා තමයි එයාලා කියන්නේ.

හැබැයි එයාලගේ මතය තමයි කාබනික පොහොර හදාගන්න පුළුවන් අයට තමන්ගේ ගෙවත්තේ හොදට වගාකටයුතු කරගෙන යන්න පුළුවන් ඒත් එකපාරටම රසායනික පොහොර තහනම් කරාම මිනිස්සු ගන්න කාබනික පොහොරත් අවශ්‍ය තරමට නොමති උනාම මිනිස්සුන්ට තමන්ගේ වගාවට පොහොර නැති නිසා අස්වැන්න අඩු වෙන නිසා මේ හදිසි තීරණය නම් මෝඩ තීරණයක් කියනඑක.

කාබනික පොහොර හදන වැඩ පිලිවෙලක් හදලා ඊට පස්සේ ක්‍රමයෙන් මිනිස්සු ඒකට හුරු කරලා රසායනික පොහොර තහනම් කලානම් හොදයි කියන එක තමයි එයාලගේ මතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න