භින්නෝන්මාදය (Schizophrenia)

භීනෝන්මාදය - schizophrenia in sinhala

මානසික රෝග (Mental Illness) කියන්නේ සමාජය තුළ ඉතා දුලභ රෝග කොටසක් නෙවේ. බොහෝවිට සියදිවි හානී කරගැනීම (Suicides) වැනි තත්ත්ව වලටත් හේතුවන්නේ මානසික රෝග තත්ත්වයි. සමාජය තුළ ජීවත් වන විට ඔබට විවිධ මානසික මට්ටම් සහිත පුද්ගලයන් හමුවෙන්න පුලුවන්.

 

ඒ අතරින් සමහර පුද්ගලයන් නිතර තනිව කතා කරනවා, එහෙමත් නැත්නම් නොපෙනෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. ඒ එක්කම තවත් සමහරු “මට කාලීත් එක්ක කතා කරන්න පුලුවන්, මම මේ රටේ ජනාධිපති” වගේ විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ඉතින් මේ ලක්ෂණ බොහෝවිට භින්නෝන්මාදය එහෙමත් නැත්නම් ස්කිට්සෝප්‍රීනියාවේ (Schizophrenia ) රෝග ලක්ෂණ වෙන්න පුලුවන්.

hallucinations in schizophrenia in sinhala

 

ලංකාව වගේ රටවල ඒ වගේ කතාවක් කීවාම අපි ඔනැවට වඩා ප්‍රශ්න කරන්න යන්නේ නැ. මොකද අපේ සංස්කෘතිය තුල දේව සංකල්ප ගොඩක් තදින් මුල්බැසගෙන තියෙන අතරම ආවෙස වීම වගේ දේවල් බොහෝ සුලබ නිසා. කොහොම උනත් මේ රෝගයේ තීයෙන ගැටලුවත් ඒකම තමයි. රෝගියාවත් පවුලේ අයවත් සමහර විට රෝගියාට රෝගය තියෙනවා කියන එක අවබෝධ කර නොගන්න පුලුවන්. ඒ නිසාම රෝගින් නිසි ප්‍රතිකාර වලට යොමු නොවීමත් රෝගය උත්සන්න වී සියදිවි හානිකර ගැනිම වැනි තත්ත්ව ඇතිවීමත් වෙන්න පුලුවන්.

හිනෝන්මාදය කියන්නේ මොකක්ද?

අපි කලින් මෙම රෝගයේ සමහර රෝග ලක්ෂණ පිලිබඳ දල අවබෝධයක් ලබා ගත්තා. ඒ නිසාම භින්නෝන්මාදය කියන්නේ මොකක්ද කියලා ඔබට යම් අවබෝධයක් ඇති. කොහොම උනත් අපි මනෝවෛද්‍යය විද්‍යාවේදී මෙය පුද්ගලයෙකුගේ සිතුවිලි සහ සංවේදන වල සිදුවන වෙනස්වීමක් විදියට හඳුන්වනවා. මේ කියන්නේ මොකක්ද කියලා ඉදිරියේදි කතා කරමු.

භින්නෝන්මාදය ඇතිවෙන්නේ ඇයි?

භින්නොන්මාදය එහෙමත් නැත්නම් ස්කිට්සොප්‍රෙනියාව (Schizophrenia)  ඇතිවෙන්න ඔනේ තරම් හේතු තියෙන්න පුලුවන්, සමහර එවා ජානමය හේතු, තවත් සමහර ඒවා සමාජමය හේතු, තවත් සමහර ඒවා ස්නායුමය හේතු. බොහෝවිට මෙම රෝගයට එක් හේතුවක් හෝ හේතු කිහිපයක එකතුවක් තියෙන්න පුලුවන්.

1. ජානමය හේතු (genetic factors )

ජාන කියන්නේ මිනිස් සිරුරේ ඉතාම වැදගත් කොටසක්. පුදගලයෙකුගේ ශරීරයේ පැහැය, හැඩය වගේම විවිධ රෝග සඳහත් මේ ජානම බලපාන්න පුලුවන්. ඒ එක්කම දැනට ලැබිලා තියෙන දත්ත අනුව Schizophrenia රෝගය පවතින දෙමව්පියන්ගේ දරුවන් 15% කට පමණ මෙම රෝගය වැලදීමේ හැකියාවක් ඇති බව හොයාගෙන තියෙනවා.

2. සාමාජීය හ මානසික හේතු (Social issues)

බොහෝ මානසික රෝග පුද්ගලයන්ගේ සමාජීය සාධක වල බලපැම මත ඇතිවන් අවස්ථාත් බහුලයි. ඒ අතර ස්කිට්සොප්‍රෙනියා කියන තත්ත්වයත් සමාජීය සාධක මත ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් කුඩා කල දැඩි මානසික පීඩාවන්ට පත්වූ පුද්ගලයන්, කුඩා කල ලිංගිය වද හින්සා වලා ලක්වුන පුද්ගලයන්ට මේ රෝගී තත්ත්වය ඇතිවෙන්න පුලුවන්.

3. මත්ද්‍රව්‍යය භාවිතය (Substance abuse)

භින්නොන්මාදය තියෙන රෝගීන් අතරින් බොහෝ දෙනෙක් මත්පැන් සහ විවිධ මත්ද්‍රව්‍යය වලට හුරු වූවන්. මෙය රෝගය ඇති කිරීමට බලපාන්නා සේම රෝගය උත්සන්න කිරීමටද හේතුවිය හැකිය.

භීනෝන්මාදය සහ මත්ද්‍රව්‍යය භාවිතය

4. රසායනික හේතු

විශේෂයෙන් මොලය අශ්‍රිතව පවතින සමහර රසායනික සංයෝග වල ක්‍රියාකාරීතවය මෙම තත්ත්වය සඳහා සෘජුව බලපායි. විශේෂයෙන් ස්නායු ආවේගවලට සම්බන්ධ රසායනික ද්‍රව්‍යය වන Neurotransmitter නම් ද්‍රව්‍යය මේ සඳහා විශාල බලපැමක් ඇති කරයි. එයිනුත් ඩොපැමින් නම් සංයෝගය මේ සඳහා විශාල බලපැමක් ඇති කරන බව සොයාගෙන ඇත

භින්නෝන්මාදය නිසා ඇතිවිය හැකි සංකූලතා

නිසි ආකාර ප්‍රතිකාර නොලබන Schizophrenia රෝගීන් බොහෝවිට මානසික වශයෙන්ද සමාජීය වශයෙන්ද විවිධ වූ ගැටලු වලට මුහුනපාන්න පුලුවන්.

මෙම රෝගීන් ස්කිට්සෝ‍ෆ්‍රීනීයාවට අමතරව විශාදය, OCD තත්ත්වය, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවීම වැනි විවිධ මානසික රෝග තත්ත්ව වලට ගොදුරු වෙන්න පුලුවන්. ඒ සමගම ඔවුන් ජීවිතය නැතිකර ගැනීමට දක්වන උත්සහයන් බහුලයි.

පෞද්ගලිකව ලබන අත්දැකීම් වලට අමතරව සාමජීය වශයෙනුත් මෙම රෝගය ගැටලු කාරී ලෙස රෝගියාට සහ පවුලේ අයට බලපාන්න පුලුවන්.

Schizophrenia සඳහා ප්‍රතිකාර

මෙම රෝගය බොහෝවිට සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු වන්නට පුලුවන්. එසේ වූවත් ඖෂධ ප්‍රතිකාර වලට අමතර පවුලේ අයගෙන් ලැබෙන සහය මත රෝගය ඉතා ඉක්මනින් පාලනය කර ගන්නටත් සාමාන්‍යය ජීවන රටාවකට හුරුවීමටත් හැකියාව තියෙනවා.

 

Reference

  1. ICD 10 : Schizophrenia 

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *