නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැක ගතයුත්තේ ඇයි


ලංකාව කියන්නේ ඒක පුද්ගල සමාන්‍ය වාර්ශික ආදයම ඩොලර් 4102ක් වගේ පහළ මැදි ආදායම් ලබන රටක්. ඒ කියන්නේ ලෝකේ හොම්බෙන් යන රටවල් වලට කිට්ටුව තව ටිකක් කෙල උනොත් හොම්බෙන් යන්න වෙන රටක්.

රටේ මුළු දළ දේශීය නිශ්පාදිතය ඩොලර් බිලියන 88ක් වගේ තමා වෙන්නේ 2021 වෙද්දි. ඒ කියන්නේ ටෙස්ලා අයිතිකාර එලෝක් මස්ක් වගේ තව නව දෙනෙක් ඉන්නවා ලංකාවේ මුළු දල දේශීය නිශ්පාදිතයට වඩා සල්ලි තියෙන.

රටේ දල දේශීය නිශ්පාදිතයෙන් 6% අයවැය හිගයක් පවතින රටක්. ඒ කියන්නේ රටේ මුළු ආදායමට වඩා වියදම වැඩි රටක්. ඒක පියවාගන්න දේශීය සහ ජාත්‍යන්තර ණය ගන්න රටක්.

රටේ දල දේශීය නිශ්පාදිතයෙන් 86%ක් රාජ්‍ය ණය තියෙන රටක් හෙවත් ඩොලර් බිලියන් 75ක් ණය රටක්.

ලංකාවේ මනුස්සයෙක් දවසකට උපයන සාමාන්‍ය මුදල රුපියල් 2247යි. ඒ කියන්නේ ඩොලර් 11ක් විතර.

හැබැයි දවසට ඩොලර් 2කට වඩා අඩුවෙන් උපයන මිනිස්සු 4%ක් ඉන්නවා. දවසට ඩොලර් 5කට අඩුවෙන් උපයන මිනිස්සු 45%ක් ඉන්නවා. සරලව කිව්වොත් දවසට රුපියල් 1000ක් හම්බ නොකරන මිනිස්සු 49%ක් ඉන්න රටක්.

අන්න ඒ දුප්පත්ම 49% අමතරව මධ්‍යම පන්තියේ ඉන්න අයගෙනුත් 20% වගේ තමන්ගේ ආදායමෙන් යන්තම් ජීවිතය ගැටගහගෙන ඉන්න රටක්.

එහෙම බැලුවාම රටේ 69%ක් මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය නැත්නම් අන්ත අසරණ වෙන රටක්.

අන්න ඒ නිසා තමයි රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය රැක ගන්න ඕනි. මොකද පුද්ගලික පාසල්වලට පුද්ගලික විශ්වවිද්‍යාල වලට පුද්ගලික රෝහල් වලට යන්න සල්ලි තියෙන 31%ක් මිනිස්සුන්ට පුළුවන් උනාට 69%ක් මිනිස්සුන්ට එහෙම කරන්න බෑ.

එතකොට රජයක් උනාම කරන්න ඕනි 31%කට සහන සලසන එකද 69%කට සහන සලසන එකද?

පුද්ගලික සහ මුදල් ගෙවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය ලබා දෙන්න එපා කියන එක නෙවෙයි මෙච්චර වෙලා කිව්වේ. ඒවා තියෙන්නෙ ඕනි සල්ලි තියන අයට වියදම් කරලා ලබාගන්න.

හැබැයි එහෙම වියදම් කරන්න බැරි බහුතරයක් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රකින්න අපි හැමෝම එකතු වෙන්න ඕනි.

කොතලාවල පනත මගින් වෙනම අධ්‍යාපන ක්‍රමයක් හදන එක වෙනුවට දැනට තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන ආයතන තුනට යටත්ව මුදල් ගෙවා ඉගෙන ගන්න ලමුන් වගේම මුදල් නොගෙවා ඉගෙන ගන්න ලමුන්ටත් අවස්ථාව ලැබෙන ක්‍රමයක් හදනවානම් මේ රටට කොච්චර වටිනවද?

රෝහණ කේ අමරකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න