මහේල උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොඩ්ඩන් ළඟට

1256

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සිය කැමැත්ත පල කර තිබෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසා සිටිනවා.

හිරු TV ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පවසා සිටි ද සිල්වා මහතා එහි දී වැඩිදුරටත් අදහස දක්වමින් කියා සිටියේ, ඔහු පූර්ණ කාලීන පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇති බවත්, ඔක්තෝබර් මාසයෙන් පසුව කෙටි කාලයක් 19න් පහළ කණ්ඩායම සමග කටයුතු කරනු ඇති බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ කණ්ඩායම තමයි ඉතාමත්ම වැදගත් කණ්ඩායම. අනාගතය හදන්නනම් ඔතන තමයි හොඳ අඩිතාලම දාන්න ඕනේ” යනුවෙන් අරවින්ද ද සිල්වා මහතා කියා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“ඉතිං ඒකට ලොකු අවධානයක් යොමු කරන්න ඕනෙ. ඉතිං එතන්ට හොඳ පුහුණුකරුවෙක් යොදවලා එතන හදන්න ඕනේ. අපි මහේලට ආරාධනා කරා ඒත් එයාට වේලා නැති නිසා ඔක්තෝබර් මාසෙන් පස්සේ හරි පොඩ්ඩක් වෙලා ඇවිල්ල ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත් එක්ක කටයුතු කරන්නම් කියලා කිව්වා” යැයි  ද සිල්වා මහතා එහි දී පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ කණ්ඩායම එළඹෙන වසරේ දී (2022) 19න් පහළ පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියක් සඳහා මුහුණ දීම සඳහා සූදානමින් සිටින අතර එම තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වෙනවා.

තවද ශ්‍රී ලංකා 19න් පහළ මූලික සංචිතයක් තෝරාගැනීමේ අරමුණ ඇතිව පැවැත්වෙන 19න් පහළ නේවාසික පුහුණු කඳවුර මේ මස 12 වැනිදා සිට පුරා දින 21ක කාලයක් තිස්සේ මහනුවර පල්ලෙකැලේ සහ අස්ගිරිය ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර මේ සඳහා ක්‍රීඩකයින් 75 දෙනෙක් සහභාගී වනවා.

කණ්ඩායම් 5ක් යටතේ පැවැත්වෙන මේ නේවාසික පුහුණුව තුල විස්සයි විස්ස තරග 4ක් සහ එක්දින තරග 10ක් පැවැත්වෙන අතර අවසානයේ දී එහි දක්වන දස්කම් අනුව ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ මූලික සංචිතයක් තෝරා ගැනීමට නියමිතයි.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<