යලි අතීතයට ගිහිං ජීවත් වෙන්න පුලුහන් කියන මෝඩ මතයට අනුව යමින් සිහිණ ලෝක වල ගත කරන්නට තියන ඒකීය පුද්ගල අයිතියට අකුල් හෙලන්න, සමාජයක් වශයෙන් හෝ ඒකීය මිනිහෙක් හැටියට අපට අයිතියක් හෝ සදාචාරයක් නැහැ. එවැනි මත දරන්නන්, තමන්ගේ සමාජය හසුරවන්නට වැඩි බලපෑමක් කරන, දේශපාලන නායකයින් වශයෙන් පත්කර ගන්නට තියන අයිතියට, සමාජයේ බහුතරය තියන අයිතියක්, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන, මා විස්වාස කරනවා (ඔල්මොරොන්දම් නේද? 😀 ).
ශාක වලට අවශ්‍ය, මුල් වලින් මූලික වශයෙන් උරා ගන්න, මූල ද්‍රව්‍ය සාන්ද්‍රගත ලෙස නිපදවීමට මිනිසා ඉගෙන ගත්තු කාලයේ පටාන් අද දක්වා, අපගේ කෘෂි නිෂ්පාදන වල ධාරිතාවය ඉහල යාම මාරයි. මෙතැනදී මා අගය කරන කරුණක් තමා, ඇමෙරිකාව එයට දුන්නු දායකත්වය. ලෝකයේ බොහෝ රටවල් වල දේශපාලනික කරුණු වලට ඇඟිලි ගසා (ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වුණ හැටි ඔබත් අහන්න ඇති) , එම රටවල් වණ කර ගිය ඇමෙරිකාව, වෛද්‍ය හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර දෙකේ පමණක් මනුෂ්‍ය සංහතියට දී තියන ධනාත්මක දායකත්වය හරිම ඉහලයි.
සාන්ද්‍රගත පොහොර වලින් ඉවත් වන්නට මනුෂ්‍ය සංහතියට හැකියාවක් නැහැ. මේවා හරි සරල කරුණු. විවිධ ක්ෂේත්‍ර වල ඉහලට ඉගෙන ගත්තු, සමහරක්, එම ක්ෂේත්‍ර වල ප්‍රගතින් ගෙන් ඉවත් නොවී, කෘෂිකාර්මික අංශයේ අප ලබපු ප්‍රගතියට එරෙහිව කරුණු කියන විට, මේවා අසන, කියවන හා නරඹන අප වැනි සාමාන්‍ය මීහරක් යමක් තේරුම් ගන්න අවශ්‍යයි.
සාන්ද්‍රගත පොහොර නිසා පිළිකා ඇතිවනවා, වකුගඩු රෝග ඇතිවනවා යයි ප්‍රසිද්ද කෙරෙන, පදනම් විරහිත කරුණු ඕනිම කෙනෙකුට මේ අන්තර්ජාලයේ ප්‍රචාරණය කරන්න හැකියි. ඒවා පිළිගන්නට තියන අයිතියත් ඒ වගේම, අප ඉවසා සිටින්නට ඕනි. රටවල් කිහිපයක, මා ඉගෙන ගත්තු දේවල් ඇසුරින් මා දන්නා දේ මෙහි විටින් විට ලියා ඇති (ඔය ටික ලියුවේ මගේ සටහන් කියවන ප්‍රා ජේ ට).
ලංකාව ගත්තොත් ඊළඟ අවුරුදු කිහිපය අපගේ සහෝදර ජනතාවට ඉතා අහිතකර කාලයක් වනු ඇති. මෝඩ හා උද්දච්ච මිනිසුන් අපගේ සමාජයේ ඉදිරි ගමන තීරණය කරන්නට මහා බලපෑමක් කරන, නායකයින් වශයෙන් පත් කර ගන්නට, සමාජයේ බහුතරයට ඇති අයිතියට, අකුල් හෙලන්න අවශ්‍යත් නැහැ, එවැනි අකුල් හෙලීම් වලින් ඇතිවන සුගතියකුත් නැහැ.
ඕවා නොවේ නේ මා ලියන්නට ආවේ. මා කලින් ලියපු සටහනේ ඉතිරිය. මා බාලාංශේ ඉගෙන ගත්තු ඉස්කෝලේ පන්ති වල ටිකක් කැපී පෙනෙන පොරක් හිටියා. මා කලින් ලියපු සටහනේ, මධ්‍යම පාංතික ජනතාවට එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු දෙකක් ලියා ඇති. ඒවා නම්; පඩ ෂෝ හා පොර ටෝක්. පොර ටෝක් කියන්නේ කලාවක් නම්, එහි පිකාසෝ වගේ කෙනෙක් තමා මේ කියපු පොර.
මා කියන කෙනා, අනික් ළමයින්ට සාපේක්ෂව පොෂ් විදිහට අඳින, ඉංගිරිසි පවා ටිකක් දන්නා, නිරපේක්ෂව රූසපුවෙනුත් කාගේත් සිත් ඇද ගන්නා කෙනෙකු වූවා. එදා කෙසේ වෙතත්, අද මා විශ්වාස කරනවා, ඔහු iq අතිනුත් ඉහල ප්‍රතිශතයක හිටියා කියා. හැබැයි ඉගෙනීම, එනම් පන්තියේ පළමු වැනියා වීම, ඔහුගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහලින් තිබුනේ නැහැ.
අපේ පන්තියේ පලමු වැනියා හා දෙවෙනි වැනියා කියන ලැයිස්තුවට අයත් ඉතා ප්‍රිය මනාප (සුරූපී හෝ ලස්සන කියන වදන් මා බැහැර කරන්නේ ඒවා පුද්ගලානු බද්ද නිසා) සිසුවියන් දෙදෙනෙකු සිටියා. මගේ මතකය හරි නම් එක කෙනෙක්, සමන්තිකා, අනික් කෙනා කුමුදුනි.
මා කලින් කියුව අපගේ මිත්‍රයට, මෙයින් එක ළමයෙක් කෙරෙහි ලොකු ක්‍රෂ් එකක් තිබුණා. හැබැයි අද මා දකින ආකාරයට ඒ දරුවා, මෙයාට කිසිම ඇල්මක් තිබුණේ නැහැ. අනික පොඩි දරුවන් නේ. මා එම පරිසරයේ සිටියා නම්, එයි කෙනෙකු හා හාද වෙන්නට තිබුන ඉඩ කඩත් බැහැර කරන්නට නොහැකි නමුත්, එය වෙන්නට හැකියාවක් නැති වග ඇයිද කියා මෙහි පසුව ලියන්නම්.
කොහොමහරි මගේ කතාවට අවොත්, අපේ පන්ති වල ඉන්න සිසුන් පුදුමයට පත් කරමින් මා පහේ ශිෂත්වයෙන් ඉහල ලකුණු ලබා ගත්තත්, අර මා ඉතින් කියපු පොෂ් මිත්‍රයා කට් ඕෆ් මාර්ක් එක පසුකර තිබුනේ නැහැ. හැබැයි කොළඹ පාසලක තිබුණු හයේ පන්තියට තෝරා ගැනීමේ විභාගෙන් සමත්ව, ඔහුත් මාත් දොළහ පන්තිය දක්වා ගියේ එකම පාසලකට.
හැබැයි ඒ පාසලේ ඔහුත් මාත් අතර ළඟ ඇසුරක් තිබුනේ නැහැ. පොර ටෝක් සීමා පැනීම නිසා, සමාජ ආශ්‍රයේ ප්‍රශ්න තිබුණ බව මා දන්නවා. අපොස උපේ කරපු පසු මා ලංකාවෙන් ඉවත් වුණා. ලංකාවේ හිටපු අපගේ සමාන මිත්‍රයින් කෙරුවේ මොනවාද, කරන්නේ මොනවාද යන්න මගේ සිතට, එයින් අවුරුදු ගානකට පසුව වෙනස් මිනිහෙක් හැටියට දිවයිනට සැපත් වුණ මට දැන ගන්න ඕනි වුනෙත් නැහැ.
(තව කොටසක් ලබන සතියේ)!
මගෙ ඉන්ටරෙස්ට්ස් නිසා අතීතයට යන එක තමයි ultimate adventure එක. ඒත් රටක් ෆැන්ටසි එකක කටයුතු කිරීම හරිම භයානකයි.
මගෙ ඉන්ටරෙස්ට්ස් නිසා අතීතයට යන එක තමයි ultimate adventure එක. ඒත් රටක් ෆැන්ටසි එකක කටයුතු කිරීම හරිම භයානකයි.
මේ සටහන පවා අතීතයට යාමක් නේ ප්‍රා. 😀
ඉඳහිට හරි දකින්න ලැබෙන එකත් ලොකු දෙයක් රයිගමයෝ.
මට හිතෙන්නේ අනාගතේ ගැන බලාපොරොත්තු කඩ වෙන තරමට මිනිස්සු අතීතෙට යන්න පෙම් බඳින එක වැඩි වෙනවා කියලයි. මේ කියන්නෙ ඉතිහාසය වගෙ දේවල් ගැන උනන්දුව දැක්වීම හෝ හැදෑරීම වගේ නෙමෙයි,අතීතය වර්තමානයට වඩා මාරයි කියා අතීත කාංසාවෙන් ජීවත් වීම වගේ දෙයක්. අපි අතීතයට යම් විදියකින් ගියොත් අපිට දැන ගන්න ලැබේවි ඒ කාලෙට සාපෙක්ශ ප්‍රශ්න අද වාගෙම, බොහෝ විට අදටත් වඩා.
මෙන්න මගෙ “ප්‍රශ්න සංස්තිතික නියමය”
ප්‍රශ්න ද ශක්තිය වැනිය. මැවීමට හෝ විසඳීමට නොහැකිය. එක ප්‍රශ්නයක් තව ප්‍රශ්නයක් බවට වෙනස්වීම පමනක් සිදුවේ – කෞශල්‍ය
කාලෙන් කාලෙට එන හුළඟක් වගේ රයිගම් !ජය!
ඔව් ඔබ කියන දෙයත් හරි. අද ජීවිතය හොඳ නැති නිසා තමා, සමහරවිට එහෙම හිතන්නේ. එහෙම ජීවිතය නරක නම්, එහෙම වන්නට හේතු වන දේවල් එක්කෝ දන්නේ නැහැ, නැත්නම් අමතක කරනවා. ඒ අතරම කපටින් පිරිසකුත් මේවා ප්‍රවර්ධනය කරනවා. මේ දෙගොල්ලන්ගේම අදහස් සමපාත වුනහම වැඩේ නැගලා යනවා. මොක වුවත් අද මේ තැනට ලෝකයේ කවුරුත් ඇවිත් ඉන්නේ, මෙයට වඩා දුෂ්කර කාල පහු කරලා.
මා කලින් ලියා ඇති. මේවගේ මතාන්තර වල ඇත්ත නැත්ත සොයා ගන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. අර කවුද කියන්න වගේ කන්න දෙකතුනක් බලා ඉන්න වෙන එකකුත් නැහැ. කන්න දෙකක් ඔනිවටත් වඩා ඇති. මා නම් කියන්නේ කාල වරෙන් කියා.