මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 3, 2021

උඩරට මැණිකේ..........අනුරුද්ධ වැලිගමගේ....

 

මල් පියලි පිණි තුෂර අද්දර

හීත මීදුමෙ හිත තියා
දියතලාවෙදි රුවක් නැගුණා
බදුලු දුම්රිය සරසලා


පාට පිරි කදු මුදුන් හිත මත
පැතුම් කන්දක බර තියා
දෙවසරක් රෑ තැපැල් දුම්රිය
සතුට හිත මත පැල කලා


කදුළු හේදී කදු මුදුන් යලි
ඔයට බොරදිය එක්කලා
ගෙවුණු කාලය නොදැක ඒ නෙතු
පැතුම් සුපැතුම් බොද කලා


වසර විස්සක් ගෙවී කාලය
දෙමෝදර පාලම බලා
යද්දි නිම්මී ගොඩවුණා යලි
පැරණි මතකය එක්කලා


අනුරුද්ධ වැලිගමගේ



2021 ජුලි   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

2 comments:

  1. Replies
    1. ඔබේ ඇගයුම සහ දිරිගැන්වීමට ස්තුතියි.

      Delete