පිටකෝට්ටේ හැදෙන රුපියල් බිලියන තුනක කුරුළු උද්‍යානය


ලෝකේ හතර අතෙන් ඩොලර් බිලියන ගණන් ණය ගන්නව. අරන් මෙලෝ වැඩකට නැති projects වලට රුපියල් බිලියන ගනන් වියදම් කරනව.

ඉහල පුටුවල ඉන්න මිනිස්සුන්ට රටේ priorities තෙරුම් ගන්න හැකියාවක් නැද්ද?

ණය ගත්තත් කමක් නෑ ඒව ආපහු ගෙවන්න පුලුවන් විදියේ ආයෝජනයකට වියදම් කරනව නම්. රටේ කර්මාන්ත නගා සිටුවන්න වියදම් කරනව නම්.

රටක් දියුනු කරනව කියන්නෙ නගර අලංකරණය කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්නකන් ඉතින් මේක හැමදාම එකම තැන තමයි.

අනික බෝඩ් එකේ නම් කියලා තියෙන්නේ රුපියල් බිලියන තුනක් නැත්නම් කෝටි 300ක් නැත්නම් මිලියන 3,000ක් ලක්ෂ වලින් නම් 30,000ක්.

හැබැයි මිනිස්සුන්ට කියන්නේ රුපියල් බිලියන 1ක් වියදම් කරලා මේක හදනවා කියලා. එතකොට හොර පාරෙන්ම රුපියල් බිලියන දෙකකට විදලා.

හොදම දේ කියන්නේ හදන්න දීලා තියෙන කට්ටිය ආණ්ඩුවේ ලොකු අයගේ ගජ මිතුරු ව්‍යාපාර වලට.

ඔය අස්සේ ආණ්ඩුවට සල්ලි නෑ කියලා තෙල් මිල වැඩි කරනවා. රටට අත්‍යාවශ්‍ය දේවල් ආනයනය තහනම් කරනවා. රට ඇතුලෙන් ගත්ත ණය ටික ගෙවාගන්න මුදල් අච්චු ගහනවා දවසට රුපියල් බිලියන 200ක් විතර.

ලකේපංකාවම තමයි

2 thoughts on “පිටකෝට්ටේ හැදෙන රුපියල් බිලියන තුනක කුරුළු උද්‍යානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න