පොසොන් පොහොය අදයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

පොසොන් පොහොය අදයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (24) යෙදී තිබේ. අනුරාධපුරය, මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව එදා පාලනය කළ දෙවන පෑ තිස් නිරිදුන් හමු වූ ඓතිහාසික දිනය ලෙස ද අද දිනය සැලකෙයි.

ජාතියක්‌ වශයෙන් අපේම වූ ආගමක්, සංස්කෘතියක්, කලාවක්, සමාජ සාරධර්ම,සාහිත්‍යය ලෝකයම පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ කරන්නට මිහිදු හිමියන්ගේ ලංකා ගමනය ඉවහල් වු බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. 

කොවිඩ් වසංගතතත්වය රට පුරා ව්‍යාප්තවීම හේතුවෙන් මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ද ආගමික කටයුතු නිවසට පමණක් සීමා කිරීමට බෞද්ධ ජනතාවට සිදුව තිබේ. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින් නිවෙස්වලමට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද බෞද්ධ ජනතාවට උපදෙස් දුන්හ. 

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කෙන්ද්‍රකර ගනිමින් අද (24) පැවැත්වෙන අතර එය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර ඇත. රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම උත්සව සංවිධානය කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom