ලංකාදීප පොසොන් ආලෝක පූජාව අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

ලංකාදීප පොසොන් ආලෝක පූජාව අද

සීමාසහිත විජය පුවත්පත් සමාගම වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (24) පස්වරුවේ පැවැත්වේ. 

මෙවර එය පැවැත්වෙන්නේ 18 වැනි වරටය. ආලෝක පූජාව විවෘත කිරීම විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා අතින් අද (24) පස්වරු 6.30ට සිදුකෙරේ. 

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර පොසොන් ආලෝක පූජාව ආගමික වතාවත්වලට පමණක් සීමාවෙමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇත. 

කොවිඩ් වසංගත තත්වයෙන් පීඩාවට පත්වූවන්ට සෙත් පතා පවත්වන ආශීර්වාද බෝධි පූජාවක් ද තන්තිරිමලේ ඓතිහාසික අෂ්ඨඵල බෝ සමිඳුන් අභියස දී පස්වරු 7.00 පැවැත්වීමට ද නියමිතය. 

තන්තිරිමලේ රජමහා විහාරාධිපති,තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා මත විජය පුවත්පත් සමාගමේ දායකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරේ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ 2004 වසරේදී ආරම්භ කෙරිණි.

෴ ඩයනා උදයංගනී

Classified_Ad

Classified_Ad_News_Bottom