ඇස්ට්‍රාසෙනකා වෙනුවට ෆයිසර් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

ඇස්ට්‍රාසෙනකා වෙනුවට ෆයිසර්

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත මෙන්ම මොඩර්නා එන්නත ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් අදියර තුනක් යටතේ, මාත්‍රා 26,000 බැගින් ලබන ජූලි 5, 12 සහ 19 යන දිනවල මෙරටට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව ලබාදීම සඳහා තවත් එන්නත් ලක්ෂ හයක හිඟයක් පවතී. 

හිඟ එන්නත් සඳහා ෆයිසර් එන්නත භාවිත කිරීමට අදාළව අවසන් නිර්දේශ මෙම සතියේදී බෝවන රෝග පිළිබඳ කමිටුව විසින් ලබා දීමට නියමිතය.

Classified_Ad

Classified_Ad_News_Bottom