'ඩෙල්ටා' පරයන 'ඩෙල්ටා ප්ලස්' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

'ඩෙල්ටා' පරයන 'ඩෙල්ටා ප්ලස්'

'කොවිඩ් 19' SARS-CoV-2 වයිරසය 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ විය. ආරම්භයේදීම මෙය කොරෝනා වයිරස පවුලට අයත් නව වයිරසයක් බව තහවුරු විය. ඒ, නව වයිරසය 'සාර්ස්' වයිරසයට සමාන වූ බැවිනි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, 'කොවිඩ් 19' වයිරසය, 'SARS-CoV-2' යන නිල නාමයෙන් නම් කිරීම සිදුවූයේ ඒ අනුවය. 'සාර්ස්' වයිරස වසංගතය පැවැතියේ 2002 සිට 2004 කාලයේය. 'කොරෝනා' යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. කලාතුරකින් මෙම වයිරස සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිරේ. 

2015 සිට 2018 අතර කාලයේ මැදපෙරදිග කේන්ද්‍ර කොට ගනිමින් වසංගතයක් ඇති කළ 'මර්ස්' ද කොරෝනා වයිරස විශේෂයකි. 'සාර්ස්' වයිරසයේ සුලමුලත් 'මර්ස්' වයිරසයේ සුලමුලත් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. 'සාර්ස්' මනුෂ්‍යයන්ට බෝ වුණේ අඳුන් දිවියකුගෙනි. 'මර්ස්' බෝ වුණේ ඔටුවන් හරහාය.

'සාර්ස්' සහ 'මර්ස්' පරයමින්, ලොවට වින කරන 'කොවිඩ් 19' SARS-CoV-2 එසේ මෙසේ වයිරසයක් නොවෙයි. මෙය බිහිසුණුය ඒ බව දැන් අපි හොඳින් දනිමු. 'සාර්ස්' සහ 'මර්ස්' මෙන් නොව, 'කොවිඩ් 19' SARS-CoV-2 සුලමුල නොදන්නා වයිරසයකි. නිසි ප්‍රතිකාරයක් නැති මාරක වසංගතයකි. 

වයිරසය ආසාදනය වී සුවය ලැබුවත්, සංකූලතා ඇතිවෙයි.'කොවිඩ් 19' SARS-CoV-2 වයිරසයට එරෙහිව එන්නත් කීපයක් මේ වනවිට කරළියට පැමිණ අවසන්ය. වයිරසයට එරෙහි අපට ඇති හොඳම අවිය එන්නතය. වයිරසයක ස්වභාවය වෙනස් වීමය. 'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට එන්නත් නිර්මාණය වෙද්දී, වයිරසය ද වෙනස් වීමට එසේත් නැතිනම් විකෘතිවීමට පටන් ගත්තේය. 

ලොව විවිධ රටවලින් විකෘති ප්‍රභේද හමුවන්න විය‍. එම විකෘති ප්‍රභේද ඒවා හමුවන රටේ නමින් නම් කිරීම එම රටට කැලැළක් යැයි පෙන්වා දෙමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් කොරෝනා විකෘති හදුන්වන්නේ ග්‍රීක අකුරුවලිනි. ඉන්දියාවෙන් පළමුවෙන් හමුවුණු 'කොවිඩ් 19' විකෘතිය හැඳින්වෙන්නේ 'ඩෙල්ටා' යන නමිනි. 

'ඩෙල්ටා' යනු දෙමුහුන් විකෘතියකි. එයින් අදහස් වන්නේ විකෘති වූ වයිරස ප්‍රභේද දෙකක් එක් වී 'ඩෙල්ටා' නිර්මාණය වී ඇති බවය. දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ කරමින්, ඉන්දියාව පුරා ඉතා වේගයෙන් පැතිරී යන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි. 

අවාසනාවට ඩෙල්ටා ප්‍රභේදය අද ලොව පුරා ව්‍යාප්ත වී අවසන්ය. අප රටින් ද 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකාවේ වසංගත රෝග වැළැක්වීමේ ආයතනය සහ යුරෝපා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, අද ලොවට ලොකුම තර්ජනය එල්ල වන්නේ මෙම 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයෙනි. 

'ඩෙල්ටා' සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, හමුවී ඇති සෙසු විකෘති ප්‍රභේදවලටත් වඩා බිහිසුණුය. ඒ, එය ඉතාමත් බිහිසුණු ආකාරයට ව්‍යාප්ත වීම නිසාය. තරුණ ප්‍රජාවට මෙම විකෘතියෙන් එල්ල වන බලපෑම වැඩිය. දැන් 'ඩෙල්ටා' වයිරසය තවත් පියවරක් ඉදිරියට තබා විකෘති වී, එහි දිගුවක් ලෙස, වයිරසය විකෘතියක් නිර්මාණය කර අවසන්ය. මෙම විකෘතියට ඇත්තේ 'ඩෙල්ටා' ප්‍රභේදයේ ගති ලක්ෂණ වුවත්, මෙම විකෘතිය වඩාත් ත්‍රීව එකක් ලෙස හඳුනාගෙන තිබේ. 

ඒ අනුව, මෙම නව විකෘතිය 'ඩෙල්ටා ප්ලස්' යන නමින් නම් කර ඇත. 'ඩෙල්ටා ප්ලස්' පළමුවෙන් හමුවූ බව පැවැසෙන්නේ ඉන්දියාවෙන් නොව, යුරෝපයේ රටවලිනි. 'ඩෙල්ටා ප්ලස්' ගැන පළමුවෙන් වාර්තා වූයේ මෙම මාර්තු මාසයේය. 

කෙසේ නමුත් පුළුල් අධ්‍යයනයකින් පසු යුරෝපා විද්‍යාඥයන් ඒ ගැන ලොවට අනාවරණය කළේ ජූනි 13 වැනිදාය. 'ඩෙල්ටා' විකෘතිය (B.1.617.2) යන නාමයෙන් හැඳින්වෙන අතර 'ඩෙල්ටා ප්ලස්' හැඳින්වෙන්නේ (K417N) යන නමින්ය.

'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයට වඩා 'ඩෙල්ටා ප්ලස්' බිහිසුණු ලෙස ව්‍යාප්ත වන බව විද්‍යාඥයන්ගේ අදහසය. එය අවධානය යොමු කළ යුතු වයිරස විකෘති අතරට එක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි. පසුගිය 23 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හමුවුණු නව ආසාදිතයන්ගෙන් 20 දෙනකුට ආසාදනය වී ඇත්තේ 'ඩෙල්ටා ප්ලස්' යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කළහ. 

තව සති 6 ක් හෝ 8 ක් යෑමට පෙර ඉන්දියාව තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇති බවත්, එම තෙවැනි රැල්ලට හේතුව 'ඩෙල්ටා' නොව 'ඩෙල්ටා ප්ලස්' ප්‍රභේදය බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩි දුරටත් අනාවැකි පළ කර තිබේ. දකුණු අප්‍රිකාවෙන් හමුවුණු වයිරස විකෘතිය නම් කර ඇත්තේ 'බේටා' යනුවෙනි. 

මෙම 'බේටා' වයිරසයේ ඇති ලක්ෂණ ද 'ඩෙල්ටා ප්ලස්' විකෘතියේ ඇති බව තහවුරු වී තිබේ. මේ වනවිට ඉන්දියාවේ කේරළ, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ් සහ තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් අතරින් ද 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය හමුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom