.

Thursday, July 1, 2021

කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

Cancer transits - 2021 Jully





ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කටක ලග්න පලාපල

(තර්ක: කුජ සිකුරු සංයෝගය ලග්නයේ. යෝගකාරක කුජ නීචයි -, සිකුරු සතුරුයි -. චර රාශි 11 බාධකයි, බුධ රාහු 11 වැන්නේ සංයෝගය - ආර්ථික දියුණුවට සැළසුම්. 7 ශනි දිග්බලයි - හවුල්, විවාහ ශක්තිමත්. ගු 8 සතුරු/අසනීම/පුණ්‍ය, ආර්ථික බාධා. රවි 12 වියදම් )

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි සහ ක්ෂණික කෝපය නිසා ඇසුරු කරන්නන් සමග විවිධ මත භේද ඇති වීමට වැඩි ඉඩක් තිබේ. මාසයේ මුල් සති දෙක බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට තරයේ සිතට ගන්න. මාසයේ අවසාන සතිය වන තෙක් මේ තත්වය පවතින නිසා සිත සන්සුන් වන අභ්‍යාසවල නිරත වීම යහපත්. සෙනසුරු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට තත්වය තව දුරටත් බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ලැබේ. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් සමනය වෙනු ඇත.


ධනය

මාසයේ මුල් සති දෙක තුල තැන්පත් ධනයට හානි වන අනවශ්‍ය වියදම් යෙදිය හැකි නිසා අරපරිස්සමෙන් අවශ්‍ය දේට පමණක් මුුදල් වියදම් කරන්න. මාසයේ අවසාන සති දෙක තුල ධනස්ථානාධිපති වැයස්ථානයෙන් මිදී ලග්නයට ගෝචරය වීම නිසා  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට හැකි වේ. 


රැකියාව

රැකියාවන්හි නියුතු අයගේ තත්වය යහපත් වන අතර අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වේ. උනන්දුවෙන් උත්සාහයෙන් කල්පනාවෙන් වැඩ කළොත් උසස්වීම් සඳහා ඉහළ නිළධාරීන්ගේ සහ ස්වාමියන්ගේ අවධානයට ලක් වෙන ග්‍රහචාරයක් පවතී. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ඒ්වායේ වර්ධනයට අවශ්‍ය සැළසුම් සකස් කිරීමට හොඳ කාලයකි. එමගින් ඔබ බලාපොරොත්තු වූ පරිදිම අනාගත දියුණුවක් හා ලාභයක් සාක්ෂාත් කර ගත හැකිවේ. වගා කටයුතුවල නිරත අය‌ට යහපත්ය. විදේශ රැකියාවල නියුතු අයටද තම රැකියාවේ තත්වය ඉහත කී ආකාරයටම වර්ධනය වේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත.  විදේශ රැකියාවල නියුතු අයගේ තත්වය යහපත් වේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් උදා වී ඇති නිසා ඒ් සඳහා විශේෂ අවධානයක් සහ උනන්දුවක් ඇති කර ගත යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන්ට ඒ් ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුය. දරුවන්ට දිරි දීම් සහ ඇගයීම් කල යුතු අතර කිසි විටෙකත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු  විවේචනය නොකිරීමෙන් දරුවන්ගේ මුරන්ඩු කම පාලනය කර ගත හැකිය.


ගෘහ ජීවිතය

විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ඇල්ම බැල්ම ඇති වීමටත්, සීමාවන් නොමැති පෙම් සබඳතාවයන් සඳහා සිත යොමු වේ. පවතින යහපත් පෙම් සබඳතාවයන් බිඳීමට ඉඩ කිබේ. විශේෂයෙන්ම චරිතයට හානි වන නොගැලපෙන සම්බන්ධතාවයන් නිසා සහකරුවන් හා සහකාරියන් අතරත් අනවශ්‍ය ගැටලු ඇති වීමටත් පුලුුුුවන්. ඒ් නිසා යුග දිවිය ගත කරන අයට එම තත්වයන් ඉවසීමෙන් මුහුණ දෙමින් හා දුර දිග බලා අනවශ්‍ය දේවල් මග හැර ගැනීමෙන් පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙන්න. ඒ් සඳහා අවශ්‍ය ශක්තිය ද මෙම ග්‍රහචාරය මගින්ම ලබා දී ඇත. මාසයේ අවසාන සති දෙක ප්‍රේම සබඳතා මෙන්ම යුග දිවියේ සතූට සමාදානය ද වර්ධනය වෙන සහ තහවුරු වෙන සුභවාදී ග්‍රහචාරයක් නිර්මාණය වෙනු ඇත. පවුලේ සමගිය වර්ධනය වෙනවා වගේම ගේ දොර අලංකරණයට වැඩි නැඹුරුවත් දක්වනු ඇත.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත්ය.  එනමුදු නිධන්ගත රෝග තිබෙන අය නිසි වෛද්‍ය ප්‍රථිකාර අනුගමනය කිරීමෙන් නියමාකාරයෙන් ශරීර සෞඛ්‍යය රැක ගත හැකිය.




1 comments :

Casino Finder - JTM Hub
Download Casino Finder (JTM) for free 과천 출장마사지 and instant access ✓ From the 김천 출장마사지 official JTM 동두천 출장샵 website. JSTOR, Inc. or any online 강원도 출장샵 casino 경기도 출장마사지 for real money or free

Post a Comment