කාශ්මීර නායකයන් හමුවෙන්න සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 23, 2021

කාශ්මීර නායකයන් හමුවෙන්න සූදානම්

ඉන්දු කාශ්මීරයේ සියලු දේශපාලන පක්ෂ නායකයන් නවදිල්ලියට කැඳවා, ඔවුන් සියලු දෙනා සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වෙයි. 

ඒ අනුව, ඉන්දීය මධ්‍යම රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමෙන් පසු, කාශ්මීර දේශපාලන නායකයන් හමුවී පවතින දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා පළමු අවස්ථාව මෙය වනු ඇත.

ඉන්දීය මධ්‍යම රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කළේ 2019 අගෝස්තු මාසයේය. ඒ, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමෙනි.

370 වගන්තිය යටතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දී තිබුණු අතර ඉන්දීය මධ්‍යම රජය එය අහෝසි කළේය. ඉන්පසු මාස ගණනක් ඇඳිරි නීතිය පනවමින්, අන්තර් ජාල සේවා සහ දුරකතන සේවා අත්හිටුවමින් කාශ්මීර වැසියන් දැඩි මර්දනයකට ලක් කළේ ඔවුන් මධ්‍යම රජයට එරෙහිව කැරැලි ගසනු ඇතැයි බියෙනි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය පෙන්වා දී ඇත්තේ කාශ්මීර ප්‍රාන්තය සමෘද්ධිමත් කිරීමටත්, කාශ්මීර මුස්ලිම් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් කළ හැක්කේ එම ප්‍රාන්තය ඉන්දීය රජය යටතේ පාලනය වන්නේ නම් පමණක් කියාය.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom