ජර්මන් චාන්සල්වරියට වර්ග දෙකක එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 23, 2021

ජර්මන් චාන්සල්වරියට වර්ග දෙකක එන්නත්

'කොවිඩ් 19' වයිරසයට එරෙහි පළමු එන්නත ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්ට, සිය දෙවැනි එන්නත ලෙස ඇමෙරිකාවේ 'මොඩර්නා' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. 

පළමු එන්නත් මාත්‍රාව ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් චාන්සල්වරියට දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස සෞඛ්‍ය අංශ නිර්දේශ මත 'මොඩර්නා' එන්නත ලබා දුන් බව චාන්සල්වරියගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වෙයි. 66 හැවිරිදි චාන්සල්වරිය 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත අවුරුදු 60 ට වැඩි අයට පමණක් සුදුසු යැයි ජර්මන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ අවස්ථාවේදීය. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත, 60 ට වැඩි අයට පමණක් දීමට සුදුසු යැයි තීරණය කෙරුණේ එම එන්නත හේතුවෙන් රුධිරය කැටි ගැසීම් හටගත් බැවිනි. කෙසේ නමුත් 60 ට වැඩි බොහෝ දෙනකු ද රුධිරයට කැටි ගැසී මරණයට පත්වීමත්, වෙනත් සංකූලතා ඇතිවීමත් සැලකිල්ලට ගනිමින් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ජර්මනියේ භාවිතය තහනම් කෙරුණි. 

ඒ අනුව, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' පළමු මාත්‍රාව ලබා ගත් අය වෙනුවෙන් දෙවැනි මාත්‍රාව ලෙස 'මොඩර්නා' සුදුසුයි සොයා බැලීම සිදුවිය. සායනික පර්යේෂණවලින් පසු එය ආරක්ෂිත බව තහවුරු වී ඇති හෙයින්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' දෙවැනි මාත්‍රාව වෙනුවට 'මොඩර්නා' එන්නත ලබා දීම ආරම්භ කෙරුණු බව ජර්මන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ජර්මානු චාන්සලර්වරිය වසර 16කට ආසන්න කාලයක් ජර්මනියේ නායිකාව ලෙස කටයුතු කළ අතර මේ වසරේ දී ඇය එම ධුරයෙන් ඉවත් වීමට නියමිතය. මේ අතර ජර්මනියේ දෙදෙනකුගෙන් එක් අයකු, එනම් සියයට 51.2 ක පිරිසක් මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබේ. 

ජර්මනිය පමණක් නොව, යුරෝපා රටවල් බොහොමයක් එම රටවල වැසියන්ට පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා දුන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. කෙසේ නමුත් රුධිර කැටි ඇතිවීම සැලකිල්ලට ගනිමින්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දීම සෙසු යුරෝපා රටවල් ද තහනම් කර තිබේ. 

ප්‍රංශයේ ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට, දෙවැනි මාත්‍රාව ලෙස සති 4 ක කාලයකින් ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත ලබා දීමට වෛද්‍ය පර්යේෂකයන් වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත. ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සියයට 95 කට වඩා සාර්ථකය. 'ෆයිසර්' අයත් වන්නේ එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් අතරටය. ඇමෙරිකාවේ 'මොඩර්නා' ද එම්.ආර්.එන්.ඒ. වර්ගයේ එන්නතකි. 

මෙතෙක් නිපදවා ඇති එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් වන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' පමණි. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජාන කේතයයි. සිරුරට එන්නත් කෙරෙන්නේ එයයි. 

සෙසු එන්නත් වන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' පමණක් නොව, රුසියාවේ 'ස්පුට්නික් 5' සහ චීනයේ 'සයිනෝෆාම්' එන්නත ද නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීම කළ හැකි ආකාරයටය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වී තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom