OPPO සහ Thales 5G SA-Compatible eSIM හඳුන්වා දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 22, 2021

OPPO සහ Thales 5G SA-Compatible eSIM හඳුන්වා දෙයි

OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේ ය. මෙය ලොව ප්‍රමුඛතම eSIM සම්බන්ධතා කළමනාකරණ සමාගමක් වන Thales සමග එක්ව නිර්මාණය කර ඇත. 

5G Standalone (SA) eSIM සහිත OPPO Find X3 Pro මගින් පාරිභෝගිකයන්ට 5G SA ජාල ඔස්සේ පිරිනමනු ලබන 5G අත්දැකීම විඳගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, පාරිභෝගිකයන් හා ජංගම දුරකථන සේවා සම්පාදකයන් යන දෙපාර්ශ්වයටම eSIM තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විඳිමට අවස්ථාවක් ලබාදෙනු ඇත.

සාම්ප්‍රදායික සිම් කාඩ්පත් දුරකථන වලට වෙනමඇතුළත් කළ යුතු වන නමුත් eSIM පත් දුරකථනය නිෂ්පාදනයේදීම ඇතුළත් කරනු ලබන අතර, එමගින් පාරිභෝගිකයන්ට තමන් කැමති දුරකථන ජාලයක් තෝරාගෙන, වඩාත් ඉහළ තලයේ සම්බන්ධතා අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමි වේ. 

Thales eSIM මේ වනවිට ජංගම දුරකථන සේවා සම්පාදකයන්ට ඩිජිටල් පරිවර්තනය වඩාත් පහසු කරමින් සිටින අතර, ස්මාර්ට් දුරකථන සහ ස්මාර්ට් අත් ඔරලෝසු වැනි පළඳනා වලට අමතරව, Connected රථවාහන සඳහා මෙන්ම Industrial Internet of Things (IIOT) සඳහාද eSIM භාවිතා කළ හැකි ය. ප්‍රධාන ධාරාවට අයත් සහ අනාගතයට ගැළපෙන 5G යටිතල ව්‍යුහයක් වශයෙන්, අඩු Latency මට්ටමක් සහ ඉහළ නම්‍යශීලී බවක් සමග වඩාත් පරිපූර්ණ 5G අත්දැකීමක් ලබාදෙන 5G SA (Standalone) ජාලයන් නිර්මාණය කිරීමට ලොව පුරාම ජංගම දුරකථන සේවා සමාගම් කටයුතු කරමින් සිටී. 

 ලොව ප්‍රථම වරට eSIM සහිත ඩිජිටල් උපාංගයක් මගින් 5G SA භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට සමත් වූ OPPO සහ Thales මේ වනවිට 5G තාක්ෂණයේ පෙරමුණ ගැනීමට සමත් වී ඇත. 

"ගෝලීය තාක්ෂණික සමාගමක් ලෙස, ආරම්භයේ සිටම 5G තාක්ෂණයේ වර්ධනයට දායක වීමට OPPO කටයුතු කළා. අප සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට නිර්මාණශීලී 5G අත්දැකීම් තිළිණ කිරීමටයි. එම උත්සාහය සාර්ථක කරගැනීමට eSIM තාක්ෂණය බෙහෙවින් උපකාරී වේවි කියා අප සිතනවා. Thales සමග ඇතිකරගත් හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ Find X3 Pro මාදිලිය ලොව 5G SA-Compatible eSIM සහිත ප්‍රථම උපාංග අතරින් එකක් බවට පත්කිරීමට අපට හැකිවුණා. ලොව පුරාම 5G SA ජාල හඳුන්වා දෙමින් පවතින තත්ත්වයක් තුළ,5G SA-Compatible eSIM සහිතFind X3 Pro මාදිලිය ලොව පුරාම භාවිතා වනු අපට ඉක්මනින්ම දැකගැනීමට හැකිවේවි." OPPO සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (Carrier Product) Xia Yang පැවසී ය. 

Thales යනු hardware-based eSIM සහ eSIM connectivity management සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමකි. තවත් සුවිශේෂි කරුණක් වනුයේ සියලුම මහද්වීප වල ජංගම දුරකථන සේවා සම්පාදකයන්, මෙහෙයුම් හවුල්කාරීත්වයන්, MVNO, සහ OEM සමාගම් විසින් පිරිනමන ලද eSIM management පදනම් 200 කට අධික සංඛ්‍යාවක් Thales සමාගම සතුවීමයි. OPPO හි ප්‍රධාන eSIM හවුල්කරු ලෙස Thales eSIM විසඳුම්, නිෂ්පාදන මට්ටමේදීම ජංගම දුරකථන සම්බන්ධතාවක් සමගින් හඳුන්වා දුන් ලොව ප්‍රථම ස්මාර්ට් අත් ඔරලෝසුව වන OPPO Watch උපාංගයෙහිද යොදා තිබේ.

eSIM server validation, device debugging, verification, function development වැනි ක්‍රමවේදයන් ඔස්සේ Thales හි eSIM විසඳුම් Find X3 Pro මාදිලියට ඇතුළත් කිරීම සඳහා OPPO සහ Thales එක්ව කටයුතු කළහ. 

එමෙන්ම තම Find X3 Pro දුරකථනයට එකවර සක්‍රීය ජංගම දුරකථන සම්බන්ධතා 2 ක් (ගලවා ඉවත් කළ හැකි SIM සහ eSIM වශයෙන්) හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙම සමාගම් දෙක විසින් ජංගම දුරකථන සේවා සමාගම් සමගද සමීපව කටයුතු කරන ලදි. 5G SA පළමුවරට eSIM- compatible උපාංගයක් මත සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මෙම සහයෝගීත්වය ඔස්සේ හැකියාව ලැබිණි. 

"OPPO සමග ඇතිකරගත් අපගේ හවුල්කාරීත්වයේ තවත් ඉදිරි පියවරක් වශයෙන්, ප්‍රථම වරට 5G SA-Compatible eSIM ක්‍රමවේදය OPPO Find X3 Pro දුරකථන මාදිලිය සඳහා භාවිතා කරමින් එය සාර්ථක බව තහවුරු කරගැනීමට සහ වාණිජ මට්ටමින් හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය eSIM තාක්ෂණයේ වැදගත් සන්ධිස්ථානයක්. මේ ආකාරයට එම තාක්ෂණය දියුණු වීම සහ බහුල වශයෙන් භාවිතා වීමට පටන් ගැනීම ඔස්සේ, ජංගම දුරකථන සේවා සමාගම් වලටත් පාරිභෝගිකයන්ටත් 5G වාසි වැඩි වැඩියෙන් අත්විඳීමට හැකියාව ලැබේවි. විශේෂයෙන්ම දැනටමත් 5G මූලික ජාලයන් හඳුන්වා දී ඇති සමාගම් වලටත්, ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් 5G SA eSIM භාවිතය මගින් පැහැදිලි ප්‍රතිලාභ අත්වේවි කියා අප සිතනවා." පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා අත්දැකීම් පදනම් කරගනිමින් 2018 වසරේදී eSIM තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආරම්භ කළ OPPO මේ වනවිට එම තාක්ෂණය භාවිතා කළ හැකි ස්මාර්ට් දුරකථන හා ස්මාර්ට් අත් ඔරලෝසු හඳුන්වා දී ඇත. 

5G SA-Compatible eSIM සහිත OPPO Find X3Pro මාදිලිය, eSIM තාක්ෂණය සම්බන්ධයෙන් OPPO සතු තාක්ෂණික දැනුම හා හැකියාවන්ට මෙන්ම, පාරිභෝගිකයන්ට හැකි ඉක්මනින් 5G තාක්ෂණයේ ප්‍රතිලාභ අත්කර දීම සඳහා OPPO දරන උත්සාහයට හා ආයෝජනයන්ට මනා උදාහරණයක්ද වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom