මාධ්‍ය වාර්තාකරණය පාලනය කරන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 22, 2021

මාධ්‍ය වාර්තාකරණය පාලනය කරන්න හදලා

චීනය ඉකුත් වසර කිහිපය තුළ දී සිය රට පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය සහ රට පිළිබඳ ගෝලීය කථාන්තරය පාලනය කිරීමටත් ඊට මැදිහත් වීමටත් සැලකිය යුතු උත්සාහයක් දරා ඇතැයි නවතම වාර්තාවක් සඳහන් කරයි.

“චීනයේ ගෝලීය මාධ්‍ය පා සටහන්; ඒකාධිපති බලපැවැත්ම පුළුල් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාර” යනුවෙන් වාර්තාවක් සකස් කරමින් සාරා කුක් මේ බව සඳහන් කර ඇත. 

“ශාප් පවර් ඇන්ඩ් ඩිමොක්‍රටික් රෙසිලියන්ස්” හි 2021 පෙබරවාරි කලාපයේ මෙම වාර්තාව පළ කර ඇත. ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල තුළ චීනයේ ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් වර්ධනය වීම සම්බන්ධයෙන් තවත් ලිපියක් ලියමින් ෆේබියන් බවුසාර්ට් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ඇත. 

සාරා කුක් සහ ෆේබියන් බවුසාර්ට් යන දෙදෙනාම ජාත්‍යන්තර සම්බන්ධතා සහ භූදේශපාලනය සම්බන්ධයෙන් විශේෂඥයෝ වෙති. චීනයේ මතය ව්‍යාප්ත කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන මඟින් පියවර ගෙන ඇති ආකාරයත් වාරණ, අසත්‍ය ප්‍රචාර, දුස් තොරතුරු, ප්‍රචාරණ සහ බලපෑම් පාලනය කරමින් මෙමඟින් සාකච්ඡා කර ඇත. 

උදාහරණයක් ලෙස චීනයේ එවකට පැවැති සත්‍ය තත්ත්වය අනාවරණය කිරීමට වූහාන් හි වෛද්‍යවරයා උත්සාහ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

කෙසේ නමුත් ඒවා චීනය ප්‍රතික්ෂේප කළේය. චීන ජනාධිපති ෂී ජින්පින්ග් වූහාන් හි වෛද්‍යවරයා සහ චීනයේ එවකට පැවැති සත්‍ය තත්ත්වය වසන් කිරීමට උත්සාහ කළේ යැයි මෙම වාර්තා මඟින් පෙන්වා දී තිබේ. 

මෙම වෛද්‍යවරයා ඉකුත් වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මරණයට පත්විය. ඔහු ලෝක සම්මතයට (ඕඩරයට) එරෙහිව යමින් අසත්‍ය ප්‍රකාශ සමාජ ගත කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් චීන බලධාරීහු ඔහුට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ කළහ.

ANI

Classified_Ad

Classified_Ad_News_Bottom