මේ බ්ලොග් එකත් මගේ ජීවිතය වගේ. මා අනුන් දිහා බලල ජිවත් වෙන්නේ නැතුවා වගේම, අනුන් කරන නිසා කරන්නන් වාගේ වැඩිහිටි දිවියේ වැඩ කෙරුවෙත් නැහැ. මව් බිමේ නොසිට සංක්‍රමණය වීමට එක හේතුවක් තමා එයට අවශ්‍ය තත්වයන් නිර්මාණය කර ගැනීම. එක අතකින් ඔබ සිතාවි අප හැමෝම ඕක කරනවා කියා. නැහැ අපගෙන් බහුතරයක් වැඩ කරන්නේ, අනෙක් අය මොනවාද කරන්නේ කියා බලල. මා කියන්නේ මධ්‍යම පාන්තිකයන්. දුප්පතුන්ට එහෙම කරන්න ඕනිකම තිබුණත් හැකියාවක් නැහැ.
ගොඩක් කල්පනා කෙරුවොත්, පඩ ෂෝ හා පොර ටෝක් නැතුව, අප දන්නා සමාජය එක්ක ඉන්න එක කොතරම් දුෂ්කරද කියා ඔබත් දන්නවා ඇති. එය අපගේ ජිවන විලාසිතාව සම්පුර්ණයෙන් වෙනස් කරනවා. ජිවත් වන ගෙදර, භාවිතා කරන වාහනය, දරුවන් යන පාසල්, ගෙදර ඉන්නා බල්ලා ආදී වශයෙන් අනින් අය සමග පෑහෙන්නට නොහැකි නම්, ඔබට ඒ සමාජයේ ඉන්නට අමාරු වෙනවා. එහෙම නැතුව නිරපේක්ෂව, මේ වැනි ජිවිතයක් තමා මට හොඳ කියා ඔබ ජිවත් වෙන්න ටිකාක් දුෂ්කරයි.
ඔය කතාව නොවේ මා ලියන්න ආවේ. ඔය කොවින් වලට කලින් මා ලංකාවට ගිය වෙලාවේ මා මුහුණ දුන්න සිදු වීමක්. ඔන්න අපේ මහා ගෙදර ගිය වෙලාවේ, උදේ යමක් කරන්න නොතිබුණ නිසා මා සිතුවා පොඩි කාලේ හිටපු යහළුවෙක් හමු වෙන්න යන්න. හොරණට යන ගමන් අතර මග, අර යාළුවාට පසුව හමු වුණ, හය හත වසරේ පමණ මට සිටි හොඳම යාළුවා ගේ මහ ගෙදරටත් ගොඩ වන්න ඕනි කියා සිතුවේ, ඔහු එහි ඇතිය කියා සිතා නොවේ. ඔහුගේ අම්මා මා හොඳට දන්නවා. ඇය සිටියොත් වචනයක් දෙකක් කතා කරන්න හැකිනේ.
හැබැයි මට මතකෙන් ඒ ගෙදර සොයා ගන්න හැකිය කියා තිබුන සිතිවිල්ල එතරම් සරල නැතිය කියා තේරුණේ, ඒ මග වාහනය ගොඩක් දුර එලෙව්වාට පසුව. අන්තිමට මගේ මතකයට බම්බු ගහ ගන්න කියා අර දොස්තර මහත්තයගේ මහගෙදර මොකක්ද කියා දෙතුන් දෙනෙකු ගෙන් ඇහුවාම තමා මට අන්තිමට ගෙදර සොයා ගන්න පිළිවන් වුණේ.
ඒ ගෙදර මිදුලේ තිබුණ අඹ ගස දැන් නැහැ. කොහොම හරි ගේට්ටුව ඇරන් ඇතුලට ගියහම, මගේ මිත්‍රයාගේ තාත්තා හමු වුණා. මගේ විස්තර කියුවත්, ඔහුට මා ගැන මතකයක් තිබුණේ නැහැ. අවාසනාවකට මිත්‍රයාගේ අම්මා මිය ගිහින් වසර කිහිපයක් වෙනවා කියා මා දැන ගත්තේ ඒ තාත්තාගෙන්.
මගේ අතීත මිත්‍රයා දැන් ජිවත් වන්නේ කොළඹට නොදුරුව. එයාගේ නංගිලා දෙන්නත් කසාද බැඳ ගෙදරින් ගිහින්. අර තාත්තා ජිවත් වන්නේ තවත් බල්ලෙකු සමග තනිව උයාගෙන කමින් (බල්ලා උයන්නේ නැහැ). ගෙදරින් ඉදිරිපස තියන පාරේ අනික් පැත්තේ තියන ඉඩම පෙන්වූ ඒ තාත්තා කියුවේ, එයත් එක දුවෙකුට ලියා දුන්නත්, ඔවුන් ඒ ප්‍රදේශයේ පදිංචියට එන්නේ නැහැ කියා.
මාව හඳුනා ගත්තේ නැති වුවත් ඒ තාත්තා ඒ බවක් පෙන්වූයේ නැහැ. කෝ ඉන්න මා පුතාට කතා කරන්නම් කියූ ඔහු පුතාට කෝල් එකක් ගත්තත්, එයට පිළිතුරක් ලැබුනේ නැහැ. පුතා සමහරවිට හොස්පිටල් එකේ වෙන්න ඇති කියා ඔහු කියුවා. මගේ නොම්මරය ඉල්ලා ගත්තේ පුතාට දෙන්න.
ඒ තාත්තට හා ඔහුගේ බල්ලට සමු දුන්න මා ගියේ හොරණ මා හමු වෙන්න ගිය අනික් යාලුවා සොයාගෙන. එයත් තව කතාවක්
පසු වදන.
එයින් දින කිහිපයකට පසුව මගේ අංකයට යාලුවා කතා කෙරුවා. එයින් පසු එළෙඹෙන සති අන්තයේ මා හමු වන්නට එනවා යයි ඔහු කියුවා. එයිට අමතරව ඔහුගේ පුතා දැන් ඉගෙන ගන්නේ මොනවාද යනාදී වශයෙන් විස්තරයකුත් කෙරුවා. මාගේ ජීවිතය මොන වගේද, දරුවන් මොනවාද කරන්නේ යනාදී කිසිවක් ඇසුවෙත් නැහැ, මා කීවෙත් නැහැ. පොරොන්දු වූ පරිදි, ඒ සති අන්තයේ හෝ එයින් පසුව හෝ ඔහු මා හමු වන්නට ආවේත් නැහැ.
මේ කතාව කියෙව්වාම දැනුන කම්පනය තාමත් තියෙනවා. ඉතාම වැදගත් තොරතුරක්. අපේ වර්තමාන වැඩිහිටි පරම්පරාවේ ඛේදවාචකය.
අර අනිත් කතාවත් ලියන්න. මේවා බලලා යමක් ඉගෙන ගන්න අපට ප්‍රයෝජනවත්. ඉස්සර මම හැන්දෑවට ඔය පාරේ බයිසිකල් පදිනවා. හොරණ පහුකරලත් හැතම්ම 10 විතර පැදලා, කඩේකි තේකක් බීලා තමයි හැරෙන්නෙ.
මේ කතාවට පාදක මිත්‍රයා ඉතා හොඳ මිනිසෙක්. ඔහුගේ ජීවිතය බොහෝ කාර්ය බහුල ඇති. උදේ රජයේ වැඩ කර, හවස තමන්ගේ දිස්පෙන්සරියේ දහය එකොළහ වන තුරු වැඩ ඇති. සමහරවිට සති අන්තයක් ද නැතුවත් ඇති. මා මේ කතාව ලියුවේ, අම්මට කතා කල පසුව. අපගේ ජීවිත ඔය කියන තරම් කාර්ය බහුල නැති වුනත්, මව් බිමින් පිට නිසා, දෙමාපියන්ට කරන්න හැකි යුතුකම් කරන්න වෙන්නේ නැහැ. වාසනාවකට අනික් සහෝදරයින් ලංකාවේ ජිවත් වන නිසා ඔවුන් ට අම්ම ගැන බලන්න හැකියි. කොවින් වසංගතයේදී හරි නම් ප්‍රමුඛතා ලයිස්තුවේ මුල් කාණ්ඩයේ ඉන්න වයස 60 හෝ එයිට වැඩි කාණ්ඩ සම්පුර්ණයෙන් නොසලකා හැර තිබීම, සමාජයක් ලෙස කනගාටු වන්න ඕනි දෙයක්.
Hmm
Lovely renaming,
“Kovon”
🙂
මංජු…!
https://kolambagamaya.blogspot.com/2021/06/blog-post_12.html#comment-form
සත්‍යය දැකීමක් !