අ-කාබනික ලෝකය!


අපගේ ජීවිත සුවපහසු වන විට, අප සමහර දෙනා සිහින ලෝක වල සැරි සරන්න ගන්නවා. එය සමහරවිට මානසික සුවයට උදව් කරනවා. හැබැයි තවත් සමහර දෙනා, ඒ සිහින ලෝක වලට ඇත්තටම යන්න ට්‍රයි කරනවා. එතැනදී වෙළඳපොළක් නිකම්ම නිර්මාණය වෙනවා. මේක නිරීක්ෂණය කරන කපටි කෙනෙකුට පුළුවන්, මට ඔබට ඒ ලොවට යන්න උදව් කරන්න පුළුවන් කියා කියන්න. එය අද ලොව පුරාම වෙනවා. ඒවා සිහින ලෝකම පමණක් නිසා, යන්න හිතන පිරිසුත්, යන්න උදව් කරන පිරිසත් අවසානයේ ඉච්චා භංගත්වයට පත් වන්නේත් නැහැ. යන්න උදව් කරන්න ඉදිරිපත් වන මිනිසුන්, එයාලගේ ටාර්ගට් එක කොහොමත් කවර් කර ගන්නා නිසා, එයාල කොහොමත් සන්තෝෂයි නේ.

අපට දැන් ටිකක් සීතලයි. සීත කාලය පටාන් ගන්න පෙරම රාත්තිරි කිහිපයක්ම සෘණ උෂ්ණත්වයට ගියා. අද දහවල් ඇවිදින්නට ගිය විට උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අටක් පමණ වුවා. හැබැයි තිබුන සුළඟත්, වළාකුලින් පිරුණු අහසත් නිසා, එය ඇඟට දැනුණේ තවත්, අංශක දෙක තුනක් අඩුවෙන්. මා පෞද්ගලිකව, උෂ්ණත්ව වල පරාස වල ජිවත් වන්න තියන අන්ත දෙකෙහිම ජීවත් වී තියනවා. ඒ අනුව ධන අංශක අටක් කියන්නේ එතරම් පහල අන්තයක් නම් නොවේ. දැන් ඉතිං ඉස්සර වගේ නොවේනේ.

ඕස්ට්‍රේලියාවේ ජිවත් වන ඇබෝරිජිනල් වරුන්, මෙහි අවුරුදු හැට දාහක හෝ හතලිස් දාහක කාලයක් තිස්සේ ජිවත් වනවා. ඔවුන්ගේ අතීතය කියවන විට, සතුන්ගේ ලෝම වලින් සාදා ගත් පොරෝනා භාවිතා කර තියනවා. හැබැයි ඒවත් භාවිතා කර තියෙන්නේ, ඔවුන්ගේ ප්‍රභූ වරුන් කියායි මට සිතෙන්නේ. සාමාන්‍ය ජනයා අමුඩ තමා. අර දෙදහස් පන්සීය වසරක අතීත අප වගේම තමා.

ගල් ගුහා වල, හෙලුවෙන් හිටිය අප තමා, යන්තමට හෝ මේ ගෙවල් හදා ගෙන, ඒවා උණුසුම් කරගෙන, එලියට යන විට ජැකට්ටු දාගෙන, ජිවත් වන්නේ. මෙතෙන්ට එන්න පසු කරපු කාල සිමා ගොඩක් තියනවා. සිහින ලෝක වලට යන පිරිස්, ඒ අප ආපු ගමනේ එක එක කොටස් තෝරා ගෙන, මේවා නැතුව අපගේ ජීවිතය කොතරම් සුන්දරද කියා සිතනවා. සමහර විට එය වෛද්‍ය විද්‍යාවේ එක කොටසක් වන්න පුළුවන්, තවත් සමහර විට කෘෂිකර්මයේ එක පාර්ශවයක් වන්න පුළුවන්, තවත් සමහර විට අප උයන හැටි හෝ කන හැටි වන්න පුළුවන්. අප අද හැදී තියෙන්නේ, මේ සේරගේම එකතුවේ ප්‍රතිඵලයක් නිසා. එයින් එකක් ඉවත් කරන්න සිහින දකින පිරිස්ම, එවැනිම අනික් ප්‍රගතින්ගේ ප්‍රතිඵල අත හරින්න සිතන්නේ නැහැ. මධ්‍යම පන්තියේ සමහර නිෂ් වෙළඳපොළවල් නිර්මාණය වී ඇත්තේ, මා කියන මෙවැනි පිරිස් වල අවශ්‍යතා සපුරාලන්න.

මේ සිහින ලෝක වලට යන්න ට්‍රයි කරන සියලු දෙනාටම පොදු ගුනාකරකය නම්, ඔවුන් සියල්ල, එක එක විවිධ කොටස් වලින් පමණක් අතීතයට යන්න උත්සාහ කිරීමයි. හරි නම්, යලිත් ගල් ගුහා වලට හෝ නිකම්ම පැල්පත් වලට ගිහින්, දරුවන් දහ දොළොස් දෙනෙක් හදමින් (පොඩි ඒකාල වැඩිහරියක් කුඩා කාලයේම මියයන නිසා, ජනගහනය වැඩි වන්නේ නැහැ), ඔය කොස් පොලොස් කමින්, ලඳු කැළෑ වලම මලපහ කරමින්, ජිවත් වෙන්න පටාන් ගත්තොත් අපට, අද අත් කර ගත් කෘෂිකර්මයේ, වෛද්‍ය විද්‍යාවේ, ඉංජිනේරු විද්‍යාවේ ගොඩක් දේවල් වලින් මිදෙන්න පුළුවන්.

මා මේ පරණ සටහන යළිත් හුවමාරු කරන්නේ, ලංකාව යන්න උත්සාහ කරන කාබනික කෘෂි කර්මය නිසා නොවේ. එය මා ඉහත කතා කරපු දේට වඩා එහා යන කුඩා පිරිසගේ යටි කුට්ටු ක්‍රියාවලියක් විතරයි.

raigamahandiya

තමන් ළඟ ඉන්න සතුරන් අමතක කර ඈත, නොපෙනෙන ලොවක ඉන්න බිල්ලන් මවා ගැනීමට අප වැනි සාමාන්‍ය මිනිසුනුත් කැමතියි. වෙනත් අරමුණු ඉටු කර ගන්න බිල්ලන්,  අපට මවල දෙන වෙනත් කාණ්ඩයන් ද සමාජයේ ඉන්න නිසයි මා එහෙම ලියුවේ.

ලෝකයේ ආහාර නිෂ්පාදනය වැඩිවීම නිසා, ඇතිවුණු අතුරුඵලයක් තමා අධික ජනගහණයක්  බිහිවීම. එයට එනම් ජනගහණය විශාලව වැඩිවීමට හේතුවූ අනික් කරුනුත් ආහාර නිෂ්පාදනය වගේම මනුෂ්‍යයා ගේම වැඩ. ඒ වගේම සමාජයේ ඉන්නා, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ ගණනද පසුගිය දශක කිහිපය තුල ඉහල ගියා. අන්න ඒ කාණ්ඩයේ  ඇතිවූ ඉල්ලුමක් සපුරාලීමට බිහිවූ එක කර්මාන්තයක් ලෙස, කාබනික කෘෂිකර්මාන්තය සලකන්න පුළුවන්.

එමගින්, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසකටත්, වෙනත් විදිහකට ලබා ගන්න නොහැකි විදියේ ආදායමක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වුණා. මෙවැනි නිෂ්  මාර්කට් වලට අදාළ සීමාවක් තියනවනේ. අප වැනි සාමාන්‍ය ජනයා මේවා ගැන ලතැවීම නිකම් ගොන් පාර්ට් එකක් විතරයි.

මෙවැනි මාර්කට් ඇස්බැන්දුම් වලින් කනා වැටුණු සාමාන්‍ය ජනයා, අධික නිෂ්පාදන වියදමක් සහිත, කුඩා පරිමාණයෙන් කරන, දැන ගන්නට තරම් පෝෂ්‍ය ගුණාංග වලින් ඉහලත් නැති, අඳුරේ ඉන්න කළු බල්ලෙක් වැනි කාබනික ආහාර…

View original post 380 more words

4 Comments

Filed under Opinion

4 responses to “අ-කාබනික ලෝකය!

  1. pajayatunga

    ඔස්ට්‍රේලියාවේ පාරිසරික ප්‍රශ්නවලින් වැදගත්වන ගංවතුර හා ලැව්ගිනි ගැන නව මතයන් ඉදිරිපත්ව්වවෙලා තියනවද?

  2. මා දන්නා තරමින්, මේවා ගැන දීර්ග කාලීන පර්යේෂණ හා නිරීක්ෂණය කරන පිරිසෙන්, බහුතරයකගේ මතය, මිනිසාගේ මැදිහත් වීමෙන් ඇතිවන ගෝලීය උෂ්ණත්වය ඉහල යාම නිසා ඇතිවන නව තත්වයන් කියා. කෙසේ වුවත්, ගෝලීය බලපෑමට කුඩා ජනගහනයක් වන ඕස්ට්‍රේලියාවට කළ හැකි බලපෑම එක අතකින් සීමිතයි. හැබැයි, ආදර්ශයක් ලෙස දෙන්න හැකි බලපෑම ගොඩක් ලොකුයි. එසේ වුවත්, කෙටිකාලින ආර්ථික අවශ්‍යතා සහිත බලවේග වල බලය එයිට වඩා වැඩියි.
    ඕවා කරන්න ලෙහෙසි නැහැ. ඔබම දන්නවා, අපේ සංක්‍රමණිකයන් අතර පවා, කාබනික කෘෂිකර්මය කියා හැඳින්වෙන, අද ආහාර අවශ්‍යතා සපුරා ගන්න නොහැකි සිහින ලෝකයට කොතරම් ඇලුම් කරනවද කියා. මෙයාල එක්ක ලෝකයේ පවතින දරිද්‍ර තාවය, ගෝලීය උස්ණත්වය ඉහල යාම වැනි දේවල් ගැන කල්පනා කිරීම පවා කොතරම් නිෂ්ඵල කාරියක්ද?
    (මෙයාලගෙන් සමහරක් සමාජවාදය ගැන නම් තලුමරනවා විටින් විට අර හරක් වමාරා කන්න වගේ. මට හිනා යනවා මධ්‍යම පාන්තික සමාජවාදය ගැන).

  3. pajayatunga

    මං අහල තියනව දැන් ඔස්ට්‍රේලියාවේ 60% ක් කාබනික වගා සහ ඒ තත්ත්වයට එන්න අවු 20ක් ගියා කියල. ඒක නිවැරදිද?

  4. මොන වගා ගැනද ඔය කියන්නේ. කොහෙද ඔව්ව තියෙන්නේ? ඕස්ට්‍රේලියාව කියන්නේ කෘෂිකර්මයේ නව පර්යේෂණ සමග ඉදිරියෙන්ම ඉන්න රටක්. මෙහි කාබනික කෘෂිකර්මය ගැන දත්ත ඇමුණුමක් මා කලින් ලියපු සටහනේ ඇති. අපේ කාබනික කෘෂිකර්මය කියන්නේ ඉතා කුඩා ප්‍රතිශතයක්. එයට වඩාත් අයත් වන්නේ, පොහොර දමන්න තරම් ආර්ථික වටිනාකම් නොමැති, තණබිම්. ඔය කියන කාබනික කෘෂිකර්මය, අප දන්නා සම්ප්‍රදායික කෘෂිකර්මය අභිබවා ඉදිරියට එන්නේ නැහැ. අප අද දන්නා බටහිර වයිද්‍ය විද්‍යාව පසෙකට දමා, කොළ කැඳ බොන්න යන්නේ නැහැනේ. දන්නා ඉංජිනේරු විද්‍යාවට අනුව ගෙවල් නොහදා, කටු මැටි බිත්ති වලට යන්නේ නැහැනේ. කාබනික කෘෂිකර්මයක් ගැන කියන්නේ, අතමිට සල්ලි තියන, අනික් ප්‍රශ්න නැති ඉහල මධ්‍යම පාන්තිකයන්. සාමාන්‍ය ජනයා මේවට හුරේ දැමීම මහා ගොන් පාර්ට් එකක්.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.