පුතුගෙන් අම්මාට

Share

මහමෙරක් උස හීන කුස හොවා මා නමට

ගත රුහිරු සලිත කර නව පණක් දුනි       මෙමට

කුස දරා ආදරෙන් පිරිමැද්ද දස                  මසට

නොසන්සුන් හද ගැස්ම කියු කතා ඇත       එමට

 

අහම්බෙන් ආ බවක් අම්මෙ නුඹෙ කුස         තුළට

හැඟුණෙ කියු කතාවෙන් නෑසියන්          ඔච්චමට

උතුරන්න මව් සෙනෙහෙ තිබෙන කල අම්මෙ  මට

පියත් නුඹ මවත් නුඹ නොවැටහේ        කිසිවෙකුට

 

නැතිව කිසි වාරුවක් දිරිය ගෙන තනි           හිතට

වෙහෙසෙනා අයුරු නව ලෝකයක්        තනන්නට

මලානික සිනහවෙන් වසන් කර විඩා                මට

මැව්වෙ ඒ සුව සිහින උකුලෙ නිදනා              කලට

 

පියා නුඹෙ කෝ කියා විමසද්දි                 පෝලිමට

කදුළු නුඹෙ දකින කල ඉවසුමක් නෑ             හිතට

තනි ව දුක් වේදනා උහුලමින් දුන්                පෙමට

තව ටිකක් ලොකු වෙලා රකිමි නුඹ පණ     ලෙසට

 

Written by: Chiraththi Rasadi

Image link: https://bit.ly/2TC2jim

 
Tagged : / /