Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලෝක සාගර දිනය අදයි (2021.06.08)

සාගරය හා මිනිසා අතර ඇත්තේ වෙන් කළ නොහැකි අසීමිත සම්බන්ධතාවයකි. අතීතයේ සිටම මිනිසා සාගරය සමඟ ඉතා ලෙන්ගතුව කටයුතු කළ පරසර හිතකාමී සත්ත්වයෙකි. ඒ තරමටම සාගරය මිනිසාගේ මිතුරෙකි ඒ සාගරයේ අගය වටිනාකම ලොවට කියාපාන ලෝක සාගර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් සෑම වර්ෂයක් පාසාම එක්සත් ජාතීන් විසින් ලෝක සාගර දිනය සමරනු ලබයි. 2021 වර්ෂයේ ලෝක සාගර දිනයේ තේමාව වන්නේ ජීවිතය හා ජීවනෝපාය යන්නයි අපට ජිවය හා ජිවනෝපාය සපයන්නේ සාගරයයි. 


සාගරය අසීමිත සම්පත් මිනිසා වෙත සම්ප්‍රේණය කරන සම්පත් ආකරයකි. මන්දයත් සාගරය මඟින් දේශගුණය පාලනය කිරීම වසරකට මිනිසුන් මිලියන ගණනක් පෝෂණය කිරීම ඔක්සිජන් නිෂ්පාදනය වැනි අති විශාල කාර්යභාර්යක් අප වෙනුවෙන් සාගරය ඉෂ්ඨ කර දෙයි එපමණකින් නොනැවති සාගරය ජීවීන් විශාල සංඛ්‍යාවකට නිවහනක් වශයෙන් කටයුතු කරයි. මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට සාගරයෙන් සිදුවන අනෝපමේය මෙහෙය සුළුපටු නොවේ.

සමුද්‍රීය පරිසරයේ ඇති වැදගත්කම ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වර්ෂයේ සිට සෑම වසරකම ජුනි 08 වන දින ජගත් සාගර දිනය ලෙස නම් කර තිබේ. පෘතුථි තලයෙන් සීයයට 70 වැසි තිබෙන්නේ සාගරයෙන් වුවත් සාගරය පිළිබඳව මිනිසාගේ අවධානය යොමු වූයේ 2009 වර්ෂයේ ජුනි 08 වන දින ලෝක සාගර දිනය ලෙස නම් කිරීමත් සමඟයි.

ලෝක සාගර දිනය යෙදෙන අද වැනි දිනක සාගරය මොන තරම් අපවිත්‍ර වී තිබේ දැයි සිතා බැලීම වැදගත්ය. මිනිස් ක්‍රියාකාරකම් නිසා සාගරයට බැහැර කරන කසල ටොන් ගණනින් මහ මුහුදට එක් වී සාගරය දූෂණය වී ඇත සාගරය තුළින්ම සිදුවන දූෂණය නැව් මඟින් පිටකරන විෂ තෙල් ගංගා වැව් ආදියෙන් සාගරයට ගලා එන මල වැනි අපද්‍රව්‍ය කෘෂි හා ධීවර කර්මාන්තය තුළින් සිදුවන සාගරය දූෂණය මෙයට ප්‍රධාන හේතු වී තිබේ.
අද වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු බත් වෙමින් පවතින එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාව නිසා එහි රසායනික අපද්‍රව්‍ය ලක්‍ෂ ගණනින් මසුන් මිය යමින් පවති සාගර ජීවින් විනාශ වෙමින් පවති අති දුර්ලභ මුහුදු ශාඛ විනාශ වෙමින් පවති මේ පිළිබඳව අද වැනි දිනක කථිකාවතට ගත යුතු කරුණක් නොවන්නේ ද?