Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන පරිදි සුළුපන්න ධීවර කාර්මීකයින් හා ජලජිවි 2022 වර්ෂය ශ්‍රී ලංකා සන්දර්භය තුළ ප්‍රකාශයට පත් කිරීමේ මෙම වැඩසටහන - 2021.06.07

 

  නාලක රොසයිරෝ මහතා

 

ලෝක ධීවර ජනතා සම්මේලනයේ මහලේකම්තුමිය වන නදීන් නෙම්බාර්ඩ් මහත්මිය  

 

දකුණේ ධිවර සංවිධානයේ ඩී.කේ ඉන්ද්‍රානි මහත්මිය

දකුණේ ධිවර සංවිධානයේ නෙලුම්කා මහත්මිය

                  යාපනය දිස්ත්‍රික්කයේ උතුරු පළාත් ධීවර එකතුවේ නායක 
එන්.වී සුබුමනියම් මහතා

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් මහාචාර්ය
 ඔස්කා අමරසිංහ මහතා 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු 
හර්මන් කුමාර මහතා
සුළුපන්න ධීවර කාර්මීකයින් හා ජලජිවි 2022 වර්ෂය ශ්‍රී ලංකා සන්දර්භය තුළ ප්‍රකාශයට පත් කිරීම

2017 වසරේදී පැවැති එක්සත් ජාතීන්ගේ 72 වන මහ සමුළුවේදී  2022 වසර සුළුපන්න ධීවරයින්ගේ හා ජලජීවී වගා වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය ශ්‍රී ලංකා සන්දර්භය තුළ ප්‍රකාශයට පත් කිරීම 2021.06.07 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සංවිධානකත්වයෙන් ජාතික හා අන්තර්ජාතික නියෝජීතයින්ගේ ප්‍රධානත්වයෙන් "ZOOM" තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා 80 අධික පිරිසක් ’ධධඵ තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වූහ. දැනට මෙම වර්ෂය ශ්‍රී ලංකා සන්දර්භය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අප ගත් ප්‍රථම උත්සහය වීම  මෙම වැඩසටහනේ ඇති සුවිශේෂියත්වයයි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා ද ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් ලෝක ධීවර ජනතා සම්මේලනයේ මහලේකම්තුමිය වන නදීන් නෙම්බාර්ඩ් මහත්මිය ද සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ හා ජලජීවී වගා වර්ෂය පිළිබඳව ජාත්‍යන්තර කමිටුවේ උප සභාපතිනිය, ලෝක ධීවර සම්මේලනයේ සාමාජීක මෙන්ම ටැන්සානියාවේ ධීවර නායක එඩිත්රුද්‍රිත් ලුකන්ගා මහත්මිය ද සම්බන්ධ වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද යන මහත්ම මහත්මීන සම්බන්ධ වූහ. 


එදින වැඩසටහන සමාරම්භය නිටුහන් කරමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නාලක රොසයිරෝ මහතා පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළ අතර සුළුපන්න ධීවරයින්ගේ හා ජලජීවී වගා වර්ෂයේ වැදගත්කම ලෝක ධීවර සම්මේලනයේ වැදගත්කම පිළිබඳව නදීන් නෙම්බාර්ඩ් මහත්මිය ද ශ්‍රී ලංකාවේ සුළුපන්න ධීවරයින්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව යාපනය දිස්ත්‍රික්කයේ උතුරු පළාත් ධීවර එකතුවේ නායක එන්.වී සුබුමනියම් මහතා ද ධීවර කර්මාන්තය තුළ ධීවර කාන්තාවන් පිළිබඳව ඩී.කේ ඉන්ද්‍රානි මහත්මියට සහ නෙලුම්කා මහත්මිය ද ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳව පොළොන්නරුව මිරිදිය ධීවර සංවිධානයේ සාමාජීක සඳුන් ප්‍රබෝධ මහතා ද අදහස් ඉදිරිපත් කළහ.

සුළුපන්න ධීවර කාර්මීකයින් පිළිබඳව කුඩා වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කළ අතර පසුව සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ ජාත්‍යන්තර වර්ෂයේ ගෝලීය ඉදිරි දර්ශනය සහ ශ්‍රී ලංකා සන්දර්භය තුළ වැඩි පිරිසක් කේන්ද්‍ර ගත කරන ක්‍රියාවලියක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔස්කා අමරසිංහ මහතා අදහස් ඉදිරිපත් කළේ ය. 

සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ ජාත්‍යන්තර වර්ෂයේ ගෝලීය සැකසුම් ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මෙහෙයුම් කමිටුවේ කාර්යභාර්ය පිළිබඳව එඩිත්රුද්‍රිත් ලුකන්ගා මහත්මිය අදහස් ඉදිරිපත් කළා ය. පසුව එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන පරිදි සුළුපන්න ධීවර කාර්මීකයින් හා ජලජිවි 2022 වර්ෂය ශ්‍රී ලංකා සන්දර්භය තුළ ප්‍රකාශයට පත් කිරීම සිදු විය. පසුව සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ සංවිධානවල කාර්යභාර්ය, උපදේශන ව්‍යාපාර දියත් කිරීම සහ සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ ජාත්‍යන්තර වර්ෂය පදනම්ව සුළුපන්න ධීවරයින් සවිබල ගැන්වීම පිළිබඳව හර්මන් කුමාර මහතා අදහස් ඉදිරිපත් කළේ ය. එදින වැඩසටහන් සමාප්තිය සනිටුහන් කරමින් නුවන් ප්‍රදීප්ගේ ස්තූතියෙන් එදින වැඩසටහනේ සමාප්තිය සනිටුහන් විය.