පා තබන්නට නොහැක දෙරණේ
කඳුළු සුසුමින් ලියාලා
පා තබන්නට නොහැක වෙරළේ
කළු ම කළු පාටින් ලියාලා
නයා ගෙනා – සවු බාගයේ දැක්ම
බලා ඉන්නට නොහැක කැළයේ
මහා ගස් අද පෙරලිලා
බලා ඉන්නට නොහැක හේනේ
බව බෝග අද කහ වෙලා
ආසියාවේ ආශ්චර්යය
අහස පමණක් ඉතිරි වී ඇත
ඒත්….ඒ හඩන්නට සූදානමින්
මුව අඟුළු ලා
දෑත් බැඳගෙන
සුසුම් හෙලමින්
කර කියා ගත හැකි දෙයක් නොමැතිව
බලා ඉන්නේ
ඊළගට
කුමක් වේ දැයි කියා