Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ටැබූ, Beyond Frame සහ නිරුවත් වානරයා

Posted by dawkinssdodo මත මාර්තු 20, 2011



ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම පාටක හඬට කන් දෙමින් කිහිප වාරයකදී තම යෙදුම් සහ පෝස්ට ඉදිරිපත් කරන ආකාරය වෙනස් කලේය. ඩෝඩෝ ගේ විරෝධය නොතකා එක් පෝස්ටයක් හා සබැඳුනු සිත්තම අයින් කලේ ආගමික නායකයෙක්ගේ සිත්තම් පිලිබඳ පාටක විරෝධයකට ප්‍රතිචාර වශයෙනි.

ඩෝඩෝගේ බ්ලොගය සිංහල බ්ලොග් අවකාශයේ දන්නා අය ඇත්නම් ඒ ඇඟිලිවලින් ගනින්නට හැකි ප්‍රමාණයකි. එහෙත් ටැබූ ඩෝඩෝ ගේ පෝස්ට වල ප්‍රතිචාර දැක්වූ ඒ අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි. ඔහුගේ ප්‍රතිචාර දිරි ගැන්වීමක් වු බව නොකිවමනාය. ඉන් නොනැවතුන ටැබූ ඩෝඩෝ ගේ බ්ලොගයට ප්‍රසිද්ධියක් ලබා දෙමින් Richard Dawkins ගේ Selfish Gene හදුන්වා දීම ගැන නිරහංකාරව ඔහුගේ පෝස්ටයකය තම කෘතවේදීත්වයද පල කලේය. වේලි වේලි තිබූ ඩෝඩෝ ගේ බ්ලොගයට එක්වරම දෙතුන් සීයක පිරිසක් පැමිනීමේ ගැටලුව ඩෝඩෝ විසඳා ගත්තේ refering links වලිනි. ඒ අතරම ටැබූ මතු කල ප්‍රශ්නවලට ඩෝඩෝ සම්පූර්ණ පිලිතුරු දෙන්නට මත්තෙන් ටැබූව බ්ලොග් අවකාශයෙන් ඉවත්කරනු ලැබීය.

ඒ මේ සියල්ල සුන්දර අතීත යට ගියාවය. අද ටැබූ සබ්ජෙක්ට්ස් අඩ්විය එහි කතුවරයාගේ අභිමතයට එරෙහිව වෙනෙකෙකුගේ පාලනයට නතුවූ බව පැහැදිලිය. දිනපතා යාවත් කාලීනවූ Beyond Frame වෙබ් අඩවියද මේ ආකාරයෙන්ම කඩාකප්පල් කරනු ලැබුනි. Beyond Frame බ්ලොග් අඩවිය දේශපාලනික බ්ලොග් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අතර එහි පාටක ප්‍රතිචාර බොහෝවිට ඉතා උනුසුම් සංවාද බවට පෙරලුනි. ඊට අමතරව Beyond Frame බ්ලොග් අඩවියටම ආවේණික පාටක පිරිස නිසාද , ඔවුන්ටම ආවේණික ප්‍රතිචාර ඌරුව නිසාද බොහෝ විට හාස්‍ය රසයෙන්ද අනූන විය. ඒ කෙසේ වෙතත් අවසන් ප්‍රතිපලය සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය, නිතිපතා යාවත් කාලීනවන බ්ලොග් අඩවි දෙකක් අක්‍රිය වීමයි.

ඩෝඩෝ සිංහල බ්ලොග් අවකාශය තුල ප්‍රචාරකවාදී ඉස්ලාමය විවේචනය කල කිහිප දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ප්‍රචාරකවාදී ඉස්ලාමීය කඳවුරෙන් නිපදවන අමූලික ගල් පැලෙන බොරු සහ “විද්‍යාත්මක” යැයි කියමින් ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුනු අදත් හෙටත්, ඩෝඩෝ ගේ විවේචනයට ලක්වනු ඇත්තේය. එහත් ඉස්ලාමයේ අවිද්‍යාත්මක කරුනු හෙලිදරව් කරනු විනා, යමෙකුගේ අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය නැති කරන්නට ඩෝඩෝ ගේ සහයෝගයක් නොලැබෙනු ඇත්තේය. අන්කිසිවක් නිසා නොව, ඩෝඩෝ ගේ විවෙචනයට ලක් වන ඉස්ලාමය තුල නැති නිදහස, සිංහල බ්ලොග් අවකාශය තුල නැති කරන්නට අනුබල දිය නොහැකි නිසාය. ඩෝඩෝ ගේ ප්‍රතිවාදීන් මතවාදීමයව පරාජය කිරීම ගැන හෝ, ඔවුන්ට උත්තර බැඳීමට ඇති හැකියාව ගැන ඩෝඩෝට නම් සැකයක් නැත.

මේ කඩාකප්පල්කාරී වාරණයට ආසන්නතම හේතුව ලෙස ඩෝඩෝ හඳුනා ගන්නේ බ්ලොග් අවකාශයේ පැතිර ගිය ආගමික විවේචනයි. ආගම් ගැන කියැවෙන විට ඩෝඩෝගේ සිහියට නැගෙන්නේ මෑතකදී Secular Sri Lanka වෙබ් අඩවියේ පලවූ ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය (Human Evolution and Future of Humanity) කල “නිරුවත් වානරයා” හෙවත් එස් එම් බන්දුසීලයන් ගේ දේශනයයි. ඩෝඩෝගේ අදහස නම් විශිෂ්ඨ පරිවර්තකයෙකු වන බන්දුසීලයන් ගේ අවධානය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්, ජීව විද්‍යාව සහ පරිණාමයට යොමුවිය යුතු බවයි. විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය කිරීමෙහිලා එතුමන්ගේ දායකත්වය ඩෝඩෝ අගය කලත්, ඩෙස්මන්ඩ් මොරිස් ගේ “නිරුවත් වානරයා” (The Naked Ape) සහ “මනුසත් උයන” (The Human zoo) යන පරිවර්තන දෙකට සම කල හැකි අන්දමේ ප්‍රබන්ධ-නොවන කෘතියක් සිංහල විද්‍යා සාහිත්‍ය තුල නැති බව ඩෝඩෝ ගේ වැටහීමයි. ආගම් වෙනුවෙන් එකිනෙකා මරාගන්නට සැරසෙන යෞවන බ්ලොග් කරුවන් නිර්-ආගමිකත්වය පිලිබඳව උනන්දු නොවන්නේ ඇයි? ඒ නිරුවත් වානරයා සහ මනුසත් උයන වැනි විද්‍යාත්මක කෘති පරිශීලනය කිරීමේ අඩුව නිසාද? ඒසේත් නැතිනම් කෙතරම් ශිෂ්ට යැයි කියාගත්තද අප තුල ජීවත්වන නිරුවත් වානරයාගේ ගෝත්‍රික ලක්ෂණ සයිබර් අවකාශය නැමති අතථ්‍ය (Virtual) මනුසත් උයනේත් කූඩු වීම නිසා තව තවත් වර්ධනය වීම නිසාද??

14 Responses to “ටැබූ, Beyond Frame සහ නිරුවත් වානරයා”

  1. Charmi said

    ඔබ මතුකරන ප්‍රශ්නය ඉතා වැදගත්.
    වැදගත් රැකියාවක නියුතු මා දන්නා එක්තරා පුද්ගලයෙක් එක්තරා දිනෙකදී රාත්‍රියක ජංගි සොරකමේ ගොස් අසුවුනා.

    මා සිතන්නේ මිනිසුන් තුල මර්දිත හැඟීම් සහ ප්‍රේරණයන් (වචනය වරදිද දන්නෙ නෑ) නිර්නාමිකව (රාත්‍රියේ[තම එළිමහන් ජීවිතයට අවුලක් නොවන පරිදි]) මුදාහරින්නට අතථ්‍ය සයිබර් අවකාශය කදිම තෝතැන්නක්. අපට එළිමහනේ හමු නොවන තරම් උග්‍ර වර්ගවාදීන් මේ තුල සිටින්නේ ඒ නිසාද?

    • dawkinssdodo said

      සයිබර් අවකාශය තුල “රංචු ගැසීමේ” ලක්ෂනයට (pack mentality) වැඩි ඉඩක් ලැබෙනවා වෙන්න පුලුවන්. වර්ගවාදය ජීව විද්‍යාත්මකව විග්‍රහ කල හැකිද යන්න , එසේ කර තිබේද යන්න සොයා බැලීමට මට ඔබේ ප්‍රතිචාරය නිසා සිදුවෙනවා. ඒක සයිබර් අවකාශය තුල තීව්‍ර වන්නේද යන්නත් අපට සාකච්චා කල හැකියි. සමහර විට පෝස්ට් එකක් දාන්න වෙයි මීට උත්තරයක් ලෙස. ප්‍රතිචාරයට ස්තූතියි.

      • කවුරු හරි said

        බුදු හාමුදුරුවෝ හරිම විවෘතයි. ලංකාවේ බුද්ධාගම නොවේ සැබෑ බුද්ධාගම හරිම විවෘතයි. හින්දු ආගමේ ලක්ෂණ මිශ්‍ර වෙලා හැදුව සංස්කෘතිය ආගම දේශපාලනයට සම්බන්ධ වෙන විවිධ මතවාද පිළිබඳ සෑම බෞද්ධයෙක්ම වගකිව යුතු නැත. බ්ලොග් ලියන විට එයද මතක් කර දුන්නොත් ඔබ අපක්ෂපාතී යැයි මම සිතමි. (මං කොහොම හිතුවත් ඔබට මොකටද නේද. ඒත් කමක් නෑ මෙයට පිළිතුරක් දෙන්න) මං දැක්කා ඔබ කියනවා ආගම් කියන්නේ විද්‍යාව වගේ නෙවෙයි සැක කරන එක taboo කියලා ගන්න කොටසක් ඉන්නවා කියලා. බුදු හාමුදුරුවන්ගේ කාලෙ ම බුදු හාමුදුරුවන්ට කීදෙනෙක් ආවද තර්ක කරලා නිවන විග්‍රහය පරද්දන්න. ඔබ මොනවද හිතෙන්නේ ඒ ගැන. බුදුන් වහන්සේ ප්‍රබන්ධයක් ද? නැත්නම් ඒ කාලේ සමාජය නොදියුණු නිසා බුද්ධාගම විද්‍යාත්මක මොඩලයකින් ඉදිරිපත් වෙලා සාර්ථක වුණාද? මේ ගැන බ්ලොග් අවශ්‍ය නෑ. මෙතන පිළිතුරක් දුන්නත් කමක් නෑ.

  2. No Frames said

    ටැබූ හැක් වී නැත. ඔහු කියන්නේ ගල් පැළෙන බොරු බව පැහැදිලිව හෙළි දරවු වී ඇත. කුඩු ලාල් ලෙස කළ රංගනය අතේ පත්තු වී යාම මෙයට ආසන්නම හේතුව වේ.

    මේ සම්බන්ධ වෙනත් ලිපි

    1. මලිත්ට ගැහුවාම චංචලා අඬන්නේ ඇයි? | Why does Chanchala cry when Malith got hammered?

    2. Taboo Subjects සෙත්තපෝංචි වී කුජීත වී යාම සහ ඉතිරි අවජාතිකයින්ගේ ඉරණම

    3.ටැබූ සබ්ජෙක්ට්ස් හෙළිකිරීම | Taboo Subjects exposed

    4. කුඩුලාල්” රංගනය ටැබුවාගේ අතේ පත්තු වූ වගයි!

    5. ටැබූගේ එහෙයියන්(වඳුරු) රැල තනිවෙලා නෑ! මෙන්න ටැබූගෙ අලුත් බ්ලොග් එක!

    6.ටැබූ සබ්ජෙක්ට්ස්, කොලූ, වර්ගවාදියෝ සහ හැකිං

  3. hare :-) said

    උපන් දා ඉඳන් ඔළුවෙ පිරිල තියෙන මතවාදයක් සහමුලින්ම අත්හැරල වෙනස් තැනකට යන්න මිනිහෙක්ට අමාරුයි. ඒ නිසාම තමන් විශ්වාස කරන මතවාදය ඇත්තමයි කියල අදහන එක හැර ඒකත් අනිත් හැම එකම වගේ පර්ෆෙක්ට් නෑ නේද කියල හිතන එකට මිනිහෙක්ගෙ හිතේ ඉඩක් නෑ. ඒ නිසානෙ ඔය මගේ එක ෂෝයි එක.. ඔයාගෙ එක කක්කි කියන එකට හැමෝම තල්ලු වෙන්නෙ. එක අතකට හිත භාවිතා කිරීමේ කම්මැලිකම එක්ක එහෙම හිතන එක ලේසි වෙනවද මන්දා… 😉

    • dawkinssdodo said

      ඒ ආගම සම්බන්දයෙන් විතරයි නෙ. වෙන දේශපාලන මතවාද වෙනුවෙන් මැරෙන්නෙ යන් අයම පස්සේ කාලෙක ඒවට විරුද්ධ වෙනවනෙ. ඒ කියන්නෙ ආගම අපි නොදන්න දෙයක් ගැන කියනව. ඒක ටෙස්ට් කරන්න බැහැ. ඒත් දෙවියො කීවා, බුදුන් කීවා කිව්වම ඒක ප්‍රශ්න කරන්න බැහැ, බයයි.

      • hare :-) said

        දේශපාලනේ සම්බන්ධයෙන්නම් ඒක වෙන්නෙ තමන්ට වාසි වෙන විධිය අනුවයි නේද? ඒ එක්කම ලොක්ක කියන නිසා අදහස මාරු කරනවා. ඒත් වාසි අවාසි වලින් තොරව ආගම කියන එක ගැන මිනිස්සු ස්ථිර අදහසක ඉන්නෙ.

  4. Ravi said

    Charmiගෙ අදහසට බොහෝ දුරට එකඟ වෙමි, නිර්නාමිකව තම මතය ප්‍රචාරය කිරීමේ හැකියාව නිසා බොහෝවිට අන්තවාදීන් බ්ලොග් අවකාශයට රොක්වනවා විය හැකිය.

    එසේම වටකොට පහර දීමේ වනචාරී මානසිකත්වය ද බ්ලොග් අවකාශයේ බොහෝවිට උපයෝගී කොටගනුද දැක ඇත්තෙමි.

  5. “එකමත් එක කාලයක, ඇමෙරිකානුවන් ලෝකයේ විවිධත්වය දැක ඉන් සම්භ්‍රාන්තයට, කෝපයට, අවිචාරයට, ශෘඞ්ගාරාත්මක පිබිදීමකට, කණගාටුවට, උද්දාමයට සහ කුතුහලයට පත්වූහ. ඉක්බිතිව අපි විවිධත්වය ඉවසන සමාජයක පුරෝගාමීන් ලෙස අපිව පත්කර ගත්තෙමු, අපහසු සාධක මත්තේ භීතියට පත්වීමු, අනතුරුව ඒ ගැන තිබි උනන්දුව අත්හැර දැමුවෙමු.” -Diversity: The Invention of a Concept (2002) by Peter Wood

  6. Lajja said

    The issue is dogmatism not religious or political affiliation

  7. Taboo, Kolu and Beyond Frame will be missed. All these three writers exercised their freedom of thought beyond the established norms. I admire all these three fellows for different reasons. I thought “Kolu” was philosophically closer to my views and he was apolitical.

ප්‍රතිචාරයක් ලබාදෙන්න