Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

පරිණාමයට සාක්ෂි: මක්කමෙන් මතුවූ සාඩානියස් හිජාසෙන්සිස්

Posted by dawkinssdodo මත අප්‍රේල් 1, 2011


පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්‍රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න).

ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ සහ ස’කොපිතිකොයිඩෙ ) මීට අවුරුදු මිලියන 30-35 කට පෙර මුල් ඔලිගොසීන (Early Oligocene) සමයේ සිදුවන්නට ඇති බවයි අනුමාණ කෙරෙන්නේ.
කෙසේ වෙතත් මධ්‍ය සහ අවසාන ඔලිගොසීන සමය නිරූපනය කරන ෆොසිල සාක්ෂි වල දුලබ තාවය නිසා මේ පොදු පූර්වජයාගේ රූපාකාරය, ඔවුන් පරිණාමික උප-ශාඛා වලට බෙදී ගිය කාල වකවානුව ආදිය ගැන නිගමනය අපහසු වී තිබුනා.

සවුදි අරාබියේ මක්කමට නුදුරු “අල් හිජාස්” ප්‍රාන්තයේ “හරාට් අල් උයාජ්ෆා” ප්‍රදේශයෙන් මේ පොදු පූර්වජයාට අයත් ෆොසිලයක් සොයා ගැනුනා. ඉයාඩ් සල්මූට් Iyad Zalmout නම් පුරාවිද්‍යාඥයා විසින් පුරාණ තල්මසුන් සහ ඩයිනසෝරයන්ගේ ෆොසිල සොයද්දී අහම්බෙන් මේ පොදු පූර්වජ පාර්ශ්වික හිස් කබල ඔහුගේ නෙත ගැටුනේ 2009 දීයි. මිචිගන් සරසවිය හා සවුදි පාෂාණ විමර්ෂන මධ්‍යස්ථානය (Saudi Geological Survey) සමඟ එක්ව මේ ෆොසිලය ඉන් දින කීපයකට පසුව සුරක්ෂිත කෙරුනා. මේ සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කෙරුනේ 2010 දී Nature සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් පත්‍රිකාවක් ලෙසයි. මේ පොදු පූර්වජයා නම් කර තිබෙන්නේ සාඩානියස් හිජාසෙන්සිස් (Saadanius hijazensis) යන නමින්. අරාබි භාෂාවෙන් සාඩාන් (Arabic: سَعدان‎) යනු වානරයන් සහ වඳුරන්. විශේෂ නාමය හිජාසෙන්සිස්, තබා තිබෙන්නේ ෆොසිලය සොයාගත් අල් හිජාස් ප්‍රදේශය සිහිකරමින්.

Nature ඇසුරෙන් ලියවිණි.

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??

2 Responses to “පරිණාමයට සාක්ෂි: මක්කමෙන් මතුවූ සාඩානියස් හිජාසෙන්සිස්”

  1. Ravi said

    වැදගත් ලිපියක්, ස්තූතියි, මිනිස් පරිණාම දම්වැලේ බොහොමයක් පුරුක් තවම සොයාගෙන නැති බවක් තමයි මම අහල තියෙන්නෙ. ඒ නිසා නව සොයාගැනීම් පිළිබඳව ඔබේ මේ දැනුවත් කිරීම ඉතාම අගෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න