PSL අතහැර Shakib, Dhaka ප්‍රිමියර් ලීග් සටනට

138

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanට පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ ඉතිරි කොටස මඟ හැරෙන බව වාර්තා වෙනවා. ඒ Dhaka ප්‍රිමියර් ලීග් තරගාවලියත් එම කාලසීමාවේම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති නිසයි. Dhaka ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මැයි 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රීඩකයින් වන Shakib, Mahmudullah හා Liton Das යන තිදෙනාම PSL තරගාවලියේ සයවැනි අදියර ක්‍රීඩා කරන්නට සූදානම්ව සිටීම විශේෂත්වයක්. Shakib, Lahore Qalandars කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නියමිතව තිබුණු අතර Mahmudullah හා Liton, Multan Sultans හා Karachi Kings කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්නට නියමිතව තිබුණා.

DPL තරගාවලියේ කණ්ඩායමක් වන Mohammedan Sporting Club කණ්ඩායමේ කළමනාකාරිත්වය පසුගිය අඟහරුවාදා (11) බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට හා Dhaka නගරයේ ක්‍රිකට් කමිටුවට දන්වා තිබුණේ Shakib, DPL තරගාවලිය ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවයි.  

තවත් ක්‍රිකට් පුවත්:

“අපි Shakib අත්සන් කළ ලිපියක් ලබා දුන්නා ඔහු අපේ කණ්ඩායමට තරගාවලිය ක්‍රීඩා කරන්න කැමැත්ත පල කළා කියලා” Mohammedan Sporting Club කණ්ඩායමේ නිලධාරියෙක් වන Tarikul Islam පවසා සිටියා. “ඔහු PSL  තරගාවලිය ක්‍රීඩා නොකර අපේ කණ්ඩායම වෙනුවෙන් DPL තරගාවලිය ක්‍රීඩා කරයි. ඔහු නිදහස් ක්‍රීඩකයෙක් මොකද ඔහු 2019/20 DPL තරගාවලිය තරග තහනමක් නිසා ක්‍රීඩා නොකළ නිසා. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට අවසර ලබා දෙයි කියලා.”

පසුගිය මාර්තු 19 වැනිදා 2019/20 DPL තරගවාරය කල් දැමුණේ COVID-19 වයිරස ව්‍යාප්තිය නිසයි. Dhaka නගරයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානි Kazi Inam පවසා සිටියේ Shakib තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බවයි.

Mahmudullah හා Liton හටත් PSL තරගාවලිය ක්‍රීඩා කරන්නට නොහැකි විය හැකි බව වාර්තා වෙනවා. ඒ DPL කණ්ඩායම් ඔවුන්ව නිදහස් කරන්නට එතරම් කැමැත්තක් නොදක්වන නිසයි.

Cricbuzz ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<