Piyush Chawlaගේ පියා ජීවිතක්ෂයට

182

ඉන්දීය පා දඟපන්දු යවන ක්‍රීඩක Piyush Chawlaගේ පියා Pramod Kumar Chawla මහතා අද (10) අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. ඒ COVID-19 වයිරසය ආසාදනයෙන් සුවවීමෙන් අනතුරුව හට ගත් සංකූලතා (post-Covid-19 complications) උත්සන්න වීම නිසයි.

Piyush Chawla මේ පිළිබඳව සිය නිල Instagram ගිණුම හරහා මෙසේ නිවේදනයක් සටහන් කර තිබුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Mumbai Indians නියෝජනය කිරීමට වරම් දිනාගෙන තිබූ Chawla මුම්බායි කණ්ඩායම විසින් මිල දී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 2.40ක මුදලකටයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කෙසේ නමුත් කණ්ඩායම් කිහිපයකම ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහ නිලධාරීන් කිහිපදෙනෙකු හට වයිරසය ආසාදනය වීම නිසාවෙන් 2021 IPL තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය සහ IPL තරග සංවිධායකයින් කටයුතු කර තිබුණා.

ඒ නවතා දමන තෙක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල දී Mumbai Indians වෙනුවෙන් එකඳු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට Chawla හට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එම හදිසි වියෝව සැලවීමත් සමඟම ඉන්දීය හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ඔහු නියෝජනය කළ කණ්ඩායම් රැසක්ම සමාජ මාධ්‍ය ජාලා හරහා ඔවුන්ගේ ශෝක පණිවිඩ නිකුත් කර තිබුණා.

මේ  Mumbai Indians කණ්ඩායම සිය නිල Twitter ගිණුම හරහා පළ කර තිබූ ඔවුන්ගේ ශෝක පණිවිඩයයි. 

එසේම 2021 IPL තරගාවලිය තුල දී Rajasthan Royals නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ Chethan Sakariyaගේ පියා ද COVID-19 වයිරසය ආසාදනය වීමන් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුනා.

කොරෝනා වසංගතයෙන් දරුණුවටම පීඩාවට ලක්වූ රටක් වන ඉන්දියාවේ ඊයේ (9) දිනයට පමණක් නව ආසාදිතයින් 366,000 අධික සංඛ්‍යාවක් සහ පුද්ගල මරණ 3,769ක් වාර්තා වී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<