එක රැයින් ජනප්‍රිය වූ ලංකාවේ මිනෝලි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

එක රැයින් ජනප්‍රිය වූ ලංකාවේ මිනෝලි

ලෝකයේම අතිශය ජනප්‍රිය ඉවුම් පිහුම් රියැලිටි වැඩසටහනක් වන්නේ මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා Master Chef Australia වැඩසටහනය. ඉතා ප්‍රණීත ලෙස ආහාර පීසිමේ හැකියාවක් ඇති ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන්  වෙන්වූ මෙම රියැලිටි වැඩසටහනේ මෙම 2021 වසර සදහා විකාශය වන වැඩසටහනින් ශ්‍රී ලංකාවේ රසවත් කෑම වර්ග පිළිබඳ කතාබහක් නිර්මාණය විය. ඒ, තරගයට එක් වුණු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක නිසාය.

චැනල්10 රූපවාහිනී නාලිකාව හරහා විකාශය වන MasterChef Australia 2021 හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන ගණනකගේ සිත් ඇදබැද ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මිනෝලි ද සිල්වා නැමැති තරුණියයි. 
මිනෝලි 34 හැවිරිදි තරුණියක වන අතර, ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකාරිණිය ලෙසින් ඇය කටයුතු කරන්නීය. ඇය මේ තරගයට එක් වූයේ පියයුරු පිළිකා රෝගී තත්ත්වයකට මුහුණු පා, කිමෝ ප්‍රතිකාර ද ලබා ගත් අයෙකු ලෙසිනි. ඇය ඒ සම්බන්ධව තරගයට එක්වන විට පැවසූ කාරණා නරඹන්නන් සංවේදී කිරීමට පවා හේතු විය. 

උපන් මිනෝලි ද සිල්වාගේ ප්‍රබල මාස්ටර් චෙෆ් කතාව ආරම්භ වූයේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. ඕස්ට්‍රේලියානු ඉවුම් පිහුම් රියැලිටි වැඩසටහන වූ මාස්ටර් චෙෆ් ඕස්ට්‍රෙලියා හි දහතුන්වැනි මාලාව පසුගිය අප්‍රියෙල් 19 වැනිදා ඇරඹිණි. 

සුදු බතට, ශ්‍රී ලාංකික තුනපහ රසයෙන් පිසූ කිවි ව්‍යංජනය, කුකුල් මස් ව්‍යංජන, වම්බටු පැහි ව්‍යංජන, පොල් සම්බෝලය සහ තක්කාලි හා ළූණු සම්බෝලය හරහා එම වැඩසටහනේ විනිසුරුවරුන් තිදෙනා කුල්මත් කිරීමට මිනෝලි සමත් වූවාය.

ඒ නිසා එහි අවසන් තරගකරුවන් අතරට ඇය එක්වූ අතර මාස්ටර් චෙෆ් 'ඒප්‍රනය' ද ඇය හිමිකර ගත්තාය. 
රසායනික ඉංජිනේරු මිනෝලි ද සිල්වා, වයස අවුරුදු 31 දී ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් විය. මේ උද්යෝගිමත් තරුණිය 2017 වසරේදී තමා 3 වන අදියර පියයුරු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, ඊට සිදුකළ කිමෝ ප්‍රතිකාර නිසා එමඟින් ඇගේ ජීවිතය වෙනස් විය.

නමුත් මාස්ටර් චෙෆ් ඔස්ට්‍රේලියා තරඟකරුවන් අතරට එන්න ලැබිම ගැන ඇය පැවැසුවේ, රෝගී ප්‍රතිකාර වලින් පසු ආහාර රස තමන්ට සෙමින් සෙමින් දැනෙන්න පටන් ගැනීමත් සමග, ආහාර වල ඇති රසය පිළිබඳ නව අවබෝධයක් තමන්ට ලැබුණු බවය. ඇය දකුණු ආසියානු, ඕස්ට්‍රේලියානු ආහාර මෙන්ම එම සංචාරක හා සංස්කෘතියේ විශාල රසිකයෙකි. 

මිනෝලිගේ පවුලේඅය මෙල්බර්න් වෙත පදිංචියට යන විට ඇය සය හැවිරිදි වියේ පසුවූවාය. නමුත් ඇගේ මව්බිමේ සූපශාස්ත්‍ර රසවින්දනය ඇගේ ළමා කාලය පුරවාලීය. හැදී වැඩුණු මිනෝලිගේ මව රසවත් ශ්‍රී ලාංකික ව්‍යංජන පිළියෙළ කිරීම නිරන්තරයෙන් කටයුතු කිරීම තාමට මහත් රැකුලක් වූ බවද ඇය කියා සිටින්නීය. සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලේ වැඩිමලා වන මිනෝලි පවසන්නේ ඇය ආහාර පිසීමට කැමතිම ආහාරය ශ්‍රී ලංකාවේ කුකුළු මස් ව්‍යංජන බවය. 

ජාත්‍යන්තර සූපවේදීන් ඇයව උද්දීපනය කරන අතර, ඇයගේ මව ඒ සැමට වඩා ප්‍රබල බව ඇය කියා සිටින්නීය. මිනෝලි පවසන්නේ ඕනෑම එළවළු හෝ පලතුරක් රසවත් කෑමක් බවට පත් කළ හැකියාව ඇගේ මවට පවතින බවත් මිනෝලි ආඩම්බරයෙන් පවසන්නීය. දැනට ඔස්ට්‍රේලියාවේ ඩාවින් හි පදිංචි මිනෝලි ඉවුම් පිහුම් නොකරන විට, මිනෝලි මැහුම්, ලතින් නැටුම්, කඳවුරු බැඳීම සහ පින්තාරු කිරීම ප්‍රිය කරන අතර, ඇයගේ බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලාංකික ආහාර අවන්හලක් විවෘත කිරීමටයි. 

පසුගිය 2 වැනිදා පැවති MasterChef Australia වැඩසටහනේ දී ලාංකික ආහාර ලොව පුරා රසිකයින් විශාල පිරිසක් අතරේ ජනප්‍රිය කරවූ මිනෝලි ඒම වැඩසටහනින් පරාජය පත් වූයේ එහි සිව්වැනි පරාජිතයා ලෙසනි. ඇය පිළිගැන්වූ ඔස්ට්‍රේලියානු කෑම වේලක් එහි විනිසුරුවන්ගේ සිත් පරිදි නොගැලපීම හේතුවෙන් මිනෝලිට MasterChef Australia වැඩසටහනට සමු දීමට සිදුවිණි. 
ඇය පිළියෙළ කළ ඇට ඉසු හරක් මස් පෙත්තක්, ජපන් රස මුසු යුසූ ඩ්‍රෙසින් සමග බැදගත් හතු සහ රාබු අච්චාරු මෙනුව විනිසුරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් විය.

ඇයගේ ආහාර වේල දැක ගත් සැණින් විනිසුරු හා ප්‍රේක්ෂකයන් ගේ ප්‍රියතම කැලම් හාන් කියා සිටියේ මා හිතන්නේ, මට නම්, පිගානේ ටිකක් පැහැදිලි බවක් නැති බව අනුමාන වෙනවා යැයි කීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියානු ඌරුවට සැකසුනු එම ආහාර වේලට ඇය සැකසූ ජපන් රස මසුවූ යූසු ඩ්‍රෙසින් ඒක මෙම කෑම සඳහා සුදුසු සෝස් වර්ගයක් නොවන බවය.

වැඩසටහන අතරතුරේ අදහස් දැක්වූ විනිසුරුවරයා වැඩි දුරටත් මෙසේ පැවැසීය. 'මේ ආහාර වේල මෙම අභියෝගය කරුණු තුනක් පමණ වූ බවත් ඉන් පළමුවැන්න මා මෙනු තුනෙන් එකකට ගැලපෙන කෑමක් සැලසුම් කිරීම, දෙවැන්න එම ආහාරය රසවත් ඕනෑම දෙයක් සාදන්න සහ තෙවැන්න එය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.'

'අද ඔබ සැමට එම ලකුණු එකක් හෝ දෙකක් මග හැරී ඇත. මේ තුනම මග හැරුණේ එක් කෑමක් පමණි. 
ඒ කෑම මිනෝලිට අයිති විය. මට කණගාටුයි, මිනෝලි. අද ඔබේ දවස නොවේ' යැයි මිනෝලිට පැවැසුවාය.

අවසානයේ මිනෝලි මීට පෙර තරගාලියෙන් පරාජය වූ කොනෝර් කුරන්, මාජා වීට් සහ ටොමී ෆාම් සමඟ පාරජයට පත් වූ හතර දෙනා අතරට පැමිණියාය. 

තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූවද මාස්ටර් චෙෆ් මුළුතැන්ගෙයෙහි ගත කළ කෙටි කාලය තුළ මා ලබා ඇති දේ ගැන මම අනිවාර්යයෙන්ම ආඩම්බර වන මිනෝලිගේ අදහසය. 

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය; 'මා මෙතෙක් කර ඇති හොඳම දේවලින් එකක් එයයි. එය මට අවශ්‍ය විශ්වාසය ලබා දී තිබෙනවා. මොනවා වුනත්, මම ඉගෙන ගත් හැම දෙයක්ම අරගෙන මගේ සිහින සැබෑ කරගන්නයි මා හැමවිටම උත්සාහ ගන්නේ'

TEN

Classified_Ad

Classified_Ad_News_Bottom