සයිනෝෆාම් - ස්පුට්නික් එන්නත් දීම දිගටම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

සයිනෝෆාම් - ස්පුට්නික් එන්නත් දීම දිගටම

කොවිඩ් මර්දන සඳහා චීනයේ 'සයිනොෆාම්' එන්නත සහ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත් මෙරට ජනතාවට ලබාදීම දිගටම සිදුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු 'සයිනොෆාම්' එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු අනුමැතිය හිමිවූයේ පසුගිය 7 වැනිදාය.

ඒ අනුව එය ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ඊයේ (8) දිනයේම එම එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ වූයේ පානදුර ප්‍රදේශයෙනි.  ඊයේ දිනයේදී එන්නත ලබාදුන් පුද්ගලයින් ගණන සියයකි.

අද (9) දිනයේදී පානදුර කඩවීදිය 685 A සහ 685 B යන ග්‍රාමසේවා වසම් දෙකේ 400 දෙනකුට එන්නත ලබාදීම සිදුවිය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් v'කොවිඩ් මර්දන එන්නත මේ වන විට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට ලබාදීම සිදුවෙමින් පවතී.

අද (9) එම එන්නත ලබාදුන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවටය. 

මිට අමතරව ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයින් 925,242 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 187,775 දෙනෙකුට ලබා දී අවසන් යැයි පැවැසෙයි.

Classified_Ad

Classified_Ad_News_Bottom