ධනුෂ්ක ඇමරිකාවේ දී රන් දිනයි

239

ඇමරිකාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ මෙරට මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ දුර පැනීමේ ඉසව්වෙහි මීටර් 7.84ක දස්කමක් දක්වමින් ධනුෂ්ක රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහු මෙම තරග වාරයේ දී දැක්වූ හොඳම දක්ෂතාවය ද වනවා.

එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් Siroki Trpimir (මීටර් 7.72) සහ Wilson Jordan (මීටර් 7.69) යන ක්‍රීඩකයන් විසින් දිනාගෙන තිබෙනවා.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

ඇමරිකාවේ Texas A&M සරසවිය නියෝජනය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන ධනුෂ්ක පසුගිය මාර්තු මාසයේ පැවති තරගාවලියකට ද සහභාගී වෙමින් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වුනා (මීටර් 7.50).

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<