ඔබාමාගේ බලු සුරතලා මැරිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

ඔබාමාගේ බලු සුරතලා මැරිලා

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා, බිරිඳ මිෂෙල් සහ දියණියන් දෙදෙනාගේ ආදරණීය බලු සුරතලා වූ 'බෝ' මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ පළමු කළු ජනාධිපතිවරයා ලෙස ඔබාමා එම ධුරයට පත් වූයේත් ඔබාමා පවුල ධවල මන්දිරයේ පදිංචියට ගියේත් 2009 වසරේදීය. ධවල මන්දිරයට ගිය ඔබාමා පවුලට සුතරල් සතකු සිටියේ නැත. ඒ, ඔබාමාගේ දියණියන් වන සාෂා සහ මලීයා සුරතල් සතුන්ට අසාත්මිකතා පෙන්නුම් කළ බැවිනි. 

කෙසේ නමුත්, දියණියන්ට අසාත්මිකතාවක් ඇති නොවන ආකාරයේ බලු සුරතලකු ලෙස 'පෘතුගීස් වෝටර් ඩෝග්' වර්ගයේ බල්ලන් හඳුනා ගෙන තිබුණු හෙයින්, කළු සහ සුදු පැහැති 'බෝ' දියණියන්ට තිළිණ කළේ ඔබාමා පවුලේ මිතුරකු වන සෙනෙට් සභික ටෙඩ් කෙනඩි ය.

ඒ අනුව, මාස 6 ක කුඩා පැටවකු ලෙස 'බෝ ඔබාමා පවුලට එක් වූයේ ද 2009 වසරේදීය. 'බෝ' ඔබාමා පවුලේ සමීපතමයකු වූ අතර, බෝ, ඔබාමා සමඟත් පවුලේ සෙසු සාමාජිකයන් සමඟත් සිටින ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය. 

ඔබාමා පවුල 'බෝ' ට දැක්වූ ආදරය නිසා 2013 දී තවත් 'පෘතුගීස් වෝටර් ඩෝග්' වර්ගයේ කළු පැහැති බලු සුතරලකු ධවල මන්දිරයට ගෙන්වා ගැනීම සිදුවිය. මෙම බලු සුරතලාගේ නම 'සනී' ය. 'සනී' තවමත් ඔබාමා පවුල සමඟ ජීවත් වෙයි.

'බෝ' මියගිය බව ට්විටර් පණිවුඩයකින් දැනුම් දුන්නේ මිෂෙල් ඔබාමා ය. 'බෝ අපේ පවුලේ කෙනෙක්. එයාට අප හොඳ නිවහනක් දුන්නා. ආදරේ දුන්නා. කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. එයා අප සමඟ සිටියේ හරිහ සතුටින්.' යැයි එම පණිවුඩයේ දැක්වෙයි. පසුගිය කාලයේ රෝගී වී සිටි බෝ මියගොස් ඇත්තේ පිළිකා රෝගී තත්ත්වයකින් බව ද පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය සේම, ඔවුන් සමඟ ධවල මන්දිරයේ පදිංචියට පැමිණෙන සුරතල් සතුන්ට ද ගරු නම්බු නාම හිමිවෙයි. ඇමෙරිකා ජනපති ආර්යාව 'ෆස්ට් ලේඩි' යනුවෙන් හැඳින්වෙන අතර, දරු දැරියන් 'ෆස්ට් ඩෝටර් හෝ ෆස්ට් සන්' යනුවෙන් හැඳින්වෙයි. බලු සුරතලකු සිටින්නේ නම් එම බලු සුරතලා හැඳින්වෙන්නේ 'ෆස්ට් ඩෝග්' යන නමිනි. 

ඔබාමාගෙන් පසු සම්ප්‍රදාය කඩමින්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සුරතල් සතකු ධවල මන්දිරයට ගෙනාවේ නැත. වසර 100 කට පසු ඇමෙරිකන් ජනාධිපතිවරයකු ධවල මන්දිරයට සුරතල් සතකු නොගෙනා පළමු අවස්ථාව මෙය විය.

කෙසේ නමුත් ට්‍රම්ප්ගෙන් පසු වර්තමානයේ ජනපති ධුරයට පත් වී සිටින, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයට පැමිණියේ ඔහුගේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු සුරතලුන් දෙදෙනා වන චෑම්ප් සහ මේජර් සමඟය. කෙසේ නමුත් ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයකුට මේජර් සපා කෑ බැවින්, චෑම්ප් සහ මේජර් දෙදෙනා ධවල මන්දිරයෙන් යැවීමට බයිඩන් යුවල පියවර ගත්තේය. 

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom