‘සයිනෝෆාම්’ එන්නතට WHO අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

‘සයිනෝෆාම්’ එන්නතට WHO අනුමැතිය

චීනයේ නිෂ්පාදිත ‘සයිනෝෆාම්’ කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අවසර ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය. ඒ සමඟ දිළිදු රටවල කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා පහසුවෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාවක් උදා වනු ඇත. 

සිනෝෆාම් එන්නතට අවසර හිමි වීමත් සමඟ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් බෙදාහැරීමේ ගෝලීය ක්‍රියාන්විතය වන ‘කොවැක්ස්’ වැඩසහටනට ඇතුළත් කරගැනීමට නියමිත ය. එන්නත් සමානව බෙදාහැරීමටත් එලෙස සමානව එන්නත් බෙදීයෑම තහවුරු කිරීමටත් කොවැක්ස් වැඩසටහන ආරම්භ කර තිබේ. 

ධනවත් රටවල් එන්නත් ගොඩගසා ගැනීමටත් ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාව එරට මුහුණ දී සිටින දරුණු සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් එන්නත් අපනයන නවතා දැමීමත් හේතුවෙන් එන්නත් බෙදීයෑමේ ක්‍රියාවලිය අර්බුදයකට මුහුණ පා ඇත. 

අතුරු ආබාධ හේතුවෙන් ඇතැම් රටවල් එරට ජනතාවට ඇස්ට්‍රාසෙනකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාදීම තාවකාලිකව නවතා දැමූ අතර එන්නත් ලබාදීමේ මාර්ගෝපදේශ ද වෙනස් කරන ලදි.  එලෙස එන්නත් ලබාදීම අත්හිටවූ රටවල් මේ වනවිට එම එන්නත් ලබාදීම නැවත ආරම්භ කර ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි සතියේ දී චීනයේ නිෂ්පාදිත තවත් එන්නතක් වන ‘සිනෝවැක්’ එන්නතට අවසර ලබාදෙනු ඇතැයි වාර්තා වන අතර ඒ අනුව දුප්පත් රටවලට එන්නත් ලබාගැනීමට තවදුරටත් අවස්ථාව උදා වනු ඇතැයි පැවැසෙයි. 

කොරෝනා වයිරසයට එරෙහිව භාවිතයට ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ සයවැනි ප්‍රතිශක්තිකරණ එන්නත මෙම ‘සයිනෝෆාම්’ එන්නතය‍. 

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ, 'ෆයිසර්', දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරන 'එස්.කේ. බයෝ ඇස්ට්‍රාසෙනකා', ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' සහ 'ජැන්සන් සමාගමේ' 'ජොන්සන් ඇන්ජ් ජොන්සන්' එන්නතය.

නිව්යෝක් ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom