එක්දින දොර වැහුණු ප්‍රබලයින් සහ තේරීම් කමිටුව අතර හමුවක්

494

එළඹෙන බංග්ලාදේශ එක්දින තරග සංචාරය සඳහා සංචිතය තෝරාගැනීමේ දී සලකා නොබැලුනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අතර හමුවක් ඊයේ (6) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පවත්වා තිබෙනවා.

විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් හට එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා අවස්ථාවක් නොලැබෙන අතර එහි දී නවක ක්‍රීඩකයින්ගෙන් සහ අත්දැකීම් තිබෙන තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචිතයක් සඳහා වැඩි අවස්ථාවක් දීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත් :

කෙසේ නමුත් දිමුත් කරුණාරත්න මේ හමුව සඳහා සහභාගී වී නොමැති අතර ඔහු බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අතරතුර  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව ද වාර්තා වනවා.

2019 ලෝක ක්‍රිකට් කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ දිමුත් කරුණාරත්නගේ වගකීම් එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ සිට කුසල් පෙරේරා වෙත ලබා දීමට තේරීම් කමිටුව සූදානමින් සිටිනවා. එසේම දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා ද මේ හමුව සඳහා සහභාගී වී ඉදිරි ටෙස්ට් සංචාර පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

තවද මේ ප්‍රධාන ක්‍රීඩකයින් සම්පූර්ණයෙන්ම සීමිත පන්දුවාර සංචිතවලින් ඉවත් කර නොමැති බවත්, මේ තරගාවලියට පසුව හෝ ඉදිරි සීමිත පන්දුවාර තරගවල දී අවශ්‍යතාවය අනුව ඔවුන්ගේ දායකත්වය සලකා බලන බැවින් ඔවුන්ගේ සාමාන්‍ය පුහුණුවීම් සහ ශාරීරික යෝග්‍යතා කටයුතුවල ද නිරත වී සිටින ලෙස තේරීම් කමිටුව අදාළ ප්‍රධාන ක්‍රීඩකයින් වෙත පවසා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<