චීන එන්නත්වලට අනුමැතිය සතියකින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

චීන එන්නත්වලට අනුමැතිය සතියකින්

චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ සහ ‘සිනෝෆාම්’ එන්නත්වලට ඉදිරි සතියක කාලය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනු ඇතැයි ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ සහ ‘සිනෝෆාම්’ එන්නත්වලට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ද ඒ අනුව ඒවායේ ප්‍රතිඵල සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද වාර්තා වේ. 

ඊට චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ කොවිඩ්-19 එන්නත සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපා වෛද්‍ය කාර්යාංශය (ඊ.එම්.ඒ) ඉකුත් දා රැස්විය. 

එහිදි එන්නත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට යුරෝපා සංගම් වෛද්‍ය කාර්යාංශය පියවර ගෙන ඇතැයි ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මේ අතර මෙම එන්නත්වලට අවසර ලද විගස ජාත්‍යන්තරයට තිබෙන වගකීම ඉටු කරමින් එන්නත් මාත්‍රා නිෂ්පාදනය වැඩි කීරීමටත් ලෝක බලවතකු ලෙස වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර ප්‍රජාවට සිය උපරිම සහයෝගය දෙන බවත් චීනය ප්‍රකාශ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්වේ. 

Global Times

Classified_Ad

Classified_Ad_News_Bottom