කොරෝනා ඉන්දීය ගම්මානවලටත් පැතිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

කොරෝනා ඉන්දීය ගම්මානවලටත් පැතිරේ

ඉන්දියාවෙන් බ්‍රහස්පතින්දා දිනය තුළ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 412,262 දෙනකු හඳුනාගත් බවත් එම පැය 24 ක කාලයේදී මරණ 3,980ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉන්දියාව තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. 

නගරබදව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල මේ වනවිට එරට ග්‍රාමීය සහ පිටිසර ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙමින් තිබෙන සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන ඉන්දියාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 21 ඉක්මවයි. 

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අද පස්වරුව වනවිට එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 230,168කි. 

ඉකුත් සතියක කාලයේ දී ලොව පුරා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනින් අඩක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බවත් වාර්තා වූ මරණ ගණනින් හතරෙන් එකක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන් බවත් සතිපතා වාර්තාවක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom