Dialog වෙතින් සුවිශේෂී පසුගෙවුම් පැකේජ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

Dialog වෙතින් සුවිශේෂී පසුගෙවුම් පැකේජ

ව්‍යාපාර හිමියන්ගේ අවශ්‍යතාවලට සරිලන ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී පසුගෙවුම් පැකේජ රැසක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කරයි. 

 ඩයලොග් ව්‍යාපාරික පැකේජ මගින් පාරිභෝගිකයන්ට එකම ගාස්තුවක් යටතේ ඇමතුම් සහ ඩේටා සේවාවන් ලබාගත හැකි අතර, ව්‍යාපාරික සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් සමඟ අමතර ඩයලොග් දුරකතන ජාලය තුළ සහ ඩයලොග් සහ අනෙකුත් දුරකතන ජාල මිනිත්තු ද හිමි වේ. මේ තුළින් ව්‍යාපාරවලට සන්නිවේදන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය කැපී පෙනෙන අයුරින් අඩු වන බව ද ඩයලොග් සමාගම කියයි. 

ඩයලොග් ව්‍යාපාරික පැකේජ පිළිබඳ වැඩි විස්තර business.dialog.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ 0777 887 887 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද එම සමාගම සඳහන් කරයි. 

"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ව්‍යාපාර හිමියන්ගේ විශේෂ සන්නිවේදන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් සිය ව්‍යාපාරික පරිභෝගිකයන් වෙනුවෙන් වාසිදායක ඇමතුම් සහ ඩේටා පහසුකම්වලින් යුත් සුවිශේෂී පසුගෙවුම් පැකේජ රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. 

 සාධාරණ මිලකට සුවිශේෂී වටිනාකමකින් යුත් සන්නිවේදන පහසුකම් ලබාදීමේ සිය කාර්යභාරයේ තවත් පියවරක් වශයෙන් හඳුන්වාදෙන ඩයලොග් ව්‍යාපාරික පැකේජ මගින් පාරිභෝගිකයන්ට එකම ගාස්තුවක් යටතේ ඇමතුම් සහ ඩේටා සේවාවන් ලබාගත හැකි අතර, ව්‍යාපාරික සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් සමඟ අමතර D2D /D2ND මිනිත්තු හිමිවේ. 

මේ තුළින් ව්‍යාපාරවලට සන්නිවේදන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය කැපී පෙනෙන අයුරින් අවම කරයි. රු. 277 සිට ආරම්භ වන ඩයලොග් ව්‍යාපාරික පැකේජයෙන් සමාගමක සම්බන්ධතා අතර අසීමිත ඇමතුම්, D2D මිනිත්තු 1000 ක්, D2D SMS 1000 ක් සහ Anytime data GB 1.5 ක් හිමිවන අතර, රු. 1777 ක පැකේජයෙන් අසීමිත D2D ඇමතුම් සමඟ D2ND මිනිත්තු 500 ක්, D2D SMS 1000 ක් සහ Anytime data GB 20 ක් සමඟ සමාගමේ සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇත. 

මෙම විශේෂ ව්‍යාපාරික පැකේජයත් සමඟ අමතරව රු.100ක ගාස්තුවටකට තවත් පෞද්ගලික ඩයලොග් අංක 2 ක් අතර අසීමිත කතා කාලයක් ලබාගැනීමට හැකිවීම තවත් විශේෂ වාසියක් වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් ඇතුළුව ඕනෑම ව්‍යාපාරික හිමිකරුවෙකුට මෙම සුවිශේෂී ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව ඇත. සිය හිතවත් පාරිභෝගිකයන් සැමට දවසේ පැය 24 පුරා අති විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් සමාගම නිරතුරුවම කැපවී සිටීයි. 

මොබයිල් ව්‍යාපාරික පැකේජ හඳුන්වාදීමට අමතරව ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැලපෙන විශේෂ ස්ථාවර දුරකතන පහසුකම් සහ ඩිජිටල් රූපවාහිනී පහසුකම් සපයනු ලබයි. 

මේ වන විට ඩයලොග් සමාගමට අයත් ආයතනික ගනුදෙනුකාර භවතුන් BizCare වෙබ් අඩවිය තුළින් බලගැන්වීමට පියවර ගෙන තිබෙන අතර, මේ හරහා ඔවුන්ට සිය සන්නිවේදන කටයුතුවලට අදාළ කාර්යයන් ඕනෑම තැනක, ඕනෑම වේලාවක පහසුවෙන් කරගැනීමට හැකියාව සලසයි. ඩයලොග් ව්‍යාපාරික පැකේජ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට business.dialog.lk වෙත පිවිසෙන්න නැතිනම් 0777 887 887 අමතන්න."

Classified_Ad

Classified_Ad_News_Bottom