ශ්‍රී ලංකා පස්වැනි පාපන්දු පුහුණු සංචිතය නම් කරයි

397
Sri Lanka Football Training Camp Squad

ශ්‍රී ලංකා පාපන්දු ජාතික සංචිත පුහුණු කඳවුරේ පස්වැනි අදියර අද (06) සිට බැද්දෙගානේ පිහිටි ශ්‍රී ලංකා පාපන්දු ජාතික පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ වුනා.

මේ සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කරන ලැබූ අතර එම ක්‍රීඩකයන් ජෛව ආරක්ෂිත බුබුළකට අනුගත වෙමින් 2022 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ තරග ඉලක්ක කරමින් පුහුණු වීමට නියමිතයි.

මෙයට සහභාගි වන ක්‍රීඩකයන් 23 සහ නිලධාරීන් 08 දෙනා PCR සහ Rapid Antigen පරික්ෂාවන්ට ලක් කර තිබුණා. එහි දී ඔවුන් සියල්ල rapid පරික්ෂාවෙන් ආසාදිතයන් නොවන බව තහවුරුව තිබූ අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වේ.

මෙම පුහුණු සංචිතය සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලි සම්පූර්ණ කළ Marvin Hamilton, Reef Peries සහ Dillon De Silva යන ක්‍රීඩකයන් ඇතුළත්ව තිබීම ද විශේෂත්වයක්.

තවත් පාපන්දු පුවත්: 

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් ෆසාල් ද සහ Duckson Puslas යන ක්‍රීඩකයන් ද නැවතත්ඇ පුහුණු සංචිතයට තුළත් කර තිබුණා. මොහොමඩ් ෆසාල් සිය සැලසුම්වල නොමැති බව පවසා මීට පෙර සංචිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙම පුහුණු සංචිතය සඳහා යොවුන් ක්‍රීඩක ශබීර් රසූනියා සහ මොහොමඩ් රිස්කාන් යන පෙර සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් ඇතුළත් නොවීම ද විමතියට කරුණක්.

23 දෙනෙකුගෙන් යුත් එම පුහුණු සංචිතය,

සුජාන් පෙරේරා (Up Country Lions), ප්‍රභාත් රුවන් අරුණසිරි (Blue Eagles), ධනුෂ්ක රාජපක්ෂ (NewYoungs), හරිෂ ප්‍රනාන්දු (Blue Eagles), සුනිල් රොහාන් අප්පුහාමි (Defenders), Reef Sebastian Peries, චමෝද් ඩිල්ෂාන් (Colombo), චරිත රත්නායක (Colombo), Duckson Puslas (TC Sports Club), චතුරංග මධුෂාන් (Up Country Lions) Marvin Hamilton, චලන චමීර (Colombo), ජූඩ් සුමන් (Renown), මොහොමඩ් මුස්තාක් (Up Country Lions), මොහොමඩ් ෆසාල් (Blue Star), සර්වාන් ජෝහාර් (Colombo), කවිඳු ඉෂාන් (Up Country Lions), Dillon De Silva (QPR), අහමඩ් වසීම් රසීක් (Up Country Lions), මොහොමඩ් ආකීබ් (Colombo), අසිකූර් රහුමාන් (Defenders), මොහොමඩ් හස්මීර් (Sea Hawks), සුපුන් දුලාන්ජන (Red Stars)

අතිරේක ක්‍රීඩකයන්,

රිෆ්කාන් මොහොමඩ් (Defenders), රිස්කාන් ෆයිසාර් (Java Lane), මහේන්ද්‍රන් දිනේෂ් (Police), තරිඳු ධනුෂ්ක (New Youngs), ශබීර් රසූනියා (Colombo), මධුෂාන් ප්‍රනාන්දු (Blue Eagles)

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<