තිසර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආයුබෝවන් කියයි

377

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අද (3) තීරණය කර තිබෙනවා. ඒ ඔහු ඇතුළු ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන නිසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තරයෙන් ලැබුණු විශ්වාදායී ආරංචි මාර්ග වලට අනුව වයස අවුරුදු 32ක් වන තිසර පෙරේරා විසින් සිය සමුගැනීම සඳහා අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදී තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

“ක්‍රිකට් ලෝක කුසලාන හතකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මට හැකිවීම ගැනත්, බංග්ලාදේශයේදී ඉන්දියාවට එරෙහිව 2014 විස්සයි විස්සයි ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා දායක වූ සාමාජිකයෙකු වීමට ලැබීම ගැනත් මම ආඩම්බර වෙනවා.” යැයි තිසර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවූ ලිපියේ සඳහන්ව තිබෙනවා.

සාන්ත ජෝසප් විද්‍යාලය හරහා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියට පැමිණෙන තිසර වයස අවුරුදු 2009 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින වරම් දිනාගත් අතර ඔහු එම තරගයේ දී පන්දු 14කදී ලකුණු 31ක් ලබාගැනීමට සමත් වුනා. 

තවද 2020 LPL ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions කණ්ඩායම ශූරතාවය වෙත රැගෙන යාමට ද තිසරගේ නායකයත්වයට හැකියාව ලැබුණු අතර දැනට යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන තිසර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවති පළමු පෙළ ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගයේදී ඩිල්හාන් කුරේට එරෙහිව පන්දු 6කදී 6 පහර 6ක් එල්ල කරමින් එවැනි දස්කමක් පෙන්වූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට ද සමත් වුනා.

එහිදී තිසර පන්දු 13කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර එය මෙරට පිතිකරුවෙකු විසින් රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ද වුනා. මිට පෙර කෞශල්‍ය වීරරත්න විසින් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කර තිබෙනවා.

තිසර පෙරේරා පිහිටුවා තිබෙන සුපිරි ක්‍රිකට් වාර්තාවන් කිහිපයක් පහත දැක්වෙනවා,

එළඹෙන බංග්ලාදේශ සහ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලි වලදී ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයින් සඳහා එම එක්දින සංචිත වල ඉඩක් නොලැබීමට වැඩි ඉඩක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියෙක් NewsWire වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන මීළඟ එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දී ආරම්භවන අතර එක්දින තරග තුනකින් සමන්විත එම තරගාවලිය ICC ලෝක එක්දින ක්‍රිකට් සුපර් ලීගයේ (ICC Cricket World Cup Super League) තරගාවලියක් වනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<