Home Sinhala ප්‍රවීන්ගේ වාර්තාගත කඩුලු 11 සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

ප්‍රවීන්ගේ වාර්තාගත කඩුලු 11 සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

247

ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් පන්දුවෙන් දැක්වූ සුපිරි දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ දී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 209කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (3) සමත් වුනා. ඒ සමඟ තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

මේ තරගයේ දී පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවා ගත් ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් තරගයේ දී ම තමන් සතු හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කළා. එහි දී ඔහු ශ්‍රී ලංකා වාර්තාවන් කිහිපයක් සහ ලෝක වාර්තාවන් කිහිපයක්ම අලුත් කිරීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

මංගල ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබා ගත් ලොව සිව්වැනි පන්දු යවන්නා සහ පළමු ශ්‍රී ලාංකිකයා (1980 වසරට පසුව), ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබා ගත් අටවැනි ශ්‍රී ලාංකිකයා, ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබා ගත් දෙවැනි ළාබාලතම ශ්‍රී ලාංකිකයා, මංගල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීමේ දස්කම් පෙන්වූ ක්‍රීඩකයා යන වාර්තාවන් ප්‍රවීන් විසින් මේ තරගයේ දී අලුත් කළ සහ බිඳ හෙලූ වාර්තාවන් කිහිපයක්.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය ආරම්හ වන විට ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ලකුණු සටහන 177/5ක් ලෙස සටහන් වුනු අතර අවසානයේ දී ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 227කට සීමා කිරීමට ප්‍රවීන් සහ රමේෂ් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

අද දිනයේ දී ශ්‍රී  ලංකාවට තරමක් හෝ අභියෝගයක් වෙමින් පන්දුවට පහර දුන්නේ Mehidy Hasan Miraz පමණයි. Mehidy සමඟින් දිනය ආරම්භ කළ Liton Das දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ප්‍රවීන් සමත් වුනේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගනිමිනි.

Mehidy පන්දු 86ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 4ක් සමඟ ලකුණු 39ක් ලබා ගත් අතර forward short leg කලාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංකගේ තියුණු ඇස නිසාවෙන් Mehidyගේ කඩුල්ල ප්‍රවීන් වෙත ලබා දීමට පැතුම්ට හැකියාව ලැබුණා.

පන්දුවේ පතිත වීමත් සමඟම Mehidy ස්වීප් පහරකට යාමට උත්සහ කරන බව කල් තියා දුටු පැතුම් තරමක් කඩුලු රකින්නා දෙසට පියමං කොට එහි ස්ථානගත වුනු අතර ඒ නිසාවෙන් දක්ෂ උඩ පන්දුවක් රැකගැනීමට පැතුම්ට හැකියාව ලැබුණා.

Taskin Ahmed, Taijul Islam සහ Abu Jayed යන පිතිකරුවන් තිදෙනාම ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. ඒ නිසාවෙන් බංග්ලාදේශ දෙවැනි ඉනිම පන්දුවාර 71ක් තුල අවසන් කළ ශ්‍රී ලංකාව ලකුණු 209ක දැවැන්ත ජයක් ලබා ගත්තේ 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දී ලබා ගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට හිමිකම් කියමිනි.

එසේම එම තරගාවලිය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දෙවැනි ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වන අතර ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 60ක් එක්කාසු කරගනිමින් එහි 7 වැනි (රටවල් 9න්) ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව අද සමත් වුනේ මුළු ප්‍රසාද ලකුණු 200ක් දිනා ගෙනයි.

බංග්ලාදේශ දෙවැනි ඉනිම සුන් කිරීමේ දී ප්‍රවීන් කඩුලු 5ක් දවා ගන්නා විට, රමේෂ් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා. ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ වීරයා – ප්‍රවීන් ජයවික්‍රම 

තරගාවලියේ වීරයා – දිමුත් කරුණාරත්න 

Result


Sri Lanka
493/7 (159.2) & 194/9 (42.2)

Bangladesh
251/10 (51) & 227/10 (71)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Liton Das b Shaiful Islam 118 190 15 0 62.11
Lahiru Thirimanne c Liton Das b Taskin Ahamed 140 253 15 0 55.34
Oshada Fernando c Liton Das b Mehidy Hasan Miraz 81 221 8 0 36.65
Angelo Mathews c Liton Das b Taskin Ahamed 5 15 1 0 33.33
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Taijul Islam 2 9 0 0 22.22
Pathum Nissanka b Taskin Ahamed 30 84 3 0 35.71
Niroshan Dickwella not out 77 72 8 1 106.94
Ramesh Mendis c Mushfiqur Rahim b Taskin Ahamed 33 68 2 0 48.53


Extras 7 (b 3 , lb 2 , nb 1, w 1, pen 0)
Total 493/7 (159.2 Overs, RR: 3.09)
Fall of Wickets 1-209 (63.1) Dimuth Karunarathne, 2-313 (104.1) Lahiru Thirimanne, 3-319 (108.1) Angelo Mathews, 4-328 (111.5) Dhananjaya de Silva, 5-382 (135.4) Pathum Nissanka, 6-382 (136.2) Oshada Fernando,

Bowling O M R W Econ
Abu Jayed 22 4 69 0 3.14
Taskin Ahamed 34.2 7 127 4 3.71
Mehidy Hasan Miraz 36 7 118 1 3.28
Shaiful Islam 29 6 91 1 3.14
Taijul Islam 38 7 83 1 2.18
Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Lahiru Thirimanne b 92 15 12 0 613.33
Saif Hassan c Dhananjaya de Silva b 25 62 4 1 40.32
Najmul Hossain Shanto c Lahiru Thirimanne b Ramesh Mendis 0 4 0 0 0.00
Mominul Haque lbw b Ramesh Mendis 49 104 7 0 47.12
Mushfiqur Rahim lbw b 40 62 7 0 64.52
Liton Das c Lahiru Thirimanne b 8 11 2 0 72.73
Mehidy Hasan Miraz lbw b Suranga Lakmal 16 33 1 0 48.48
Taijul Islam hit-wicket b 9 50 1 0 18.00
Taskin Ahamed lbw b 0 11 0 0 0.00
Shaiful Islam b Suranga Lakmal 0 8 0 0 0.00
Abu Jayed not out 0 4 0 0 0.00


Extras 12 (b 2 , lb 9 , nb 1, w 0, pen 0)
Total 251/10 (51 Overs, RR: 4.92)
Fall of Wickets 1-98 (25.4) Saif Hassan, 2-151 (43.2) Tamim Iqbal,

Bowling O M R W Econ
Suranga Lakmal 10 0 30 2 3.00
Vishwa Fernando 7 1 19 0 2.71
Angelo Mathews 2 0 7 0 3.50
Ramesh Mendis 31 7 86 2 2.77
Dhananjaya de Silva 1 0 6 0 6.00
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 2 6 0 0 33.33
Dimuth Karunarathne c Tamim Iqbal b Saif Hassan 66 78 7 1 84.62
Oshada Fernando st Liton Das b Taijul Islam 1 5 0 0 20.00
Angelo Mathews c Saif Hassan b Taijul Islam 12 35 0 1 34.29
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 41 52 4 1 78.85
Pathum Nissanka c Shaiful Islam b Taijul Islam 24 31 2 0 77.42
Niroshan Dickwella c Taijul Islam b Taskin Ahamed 24 25 2 0 96.00
Ramesh Mendis c Tamim Iqbal b Taijul Islam 8 12 1 1 66.67
Suranga Lakmal b Taijul Islam 12 6 0 0 200.00
Praveen Jayawickrama not out 3 5 0 0 60.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 194/9 (42.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Mehidy Hasan Miraz 14 3 66 2 4.71
Shaiful Islam 1 0 8 0 8.00
Taijul Islam 19.2 2 72 5 3.75
Taskin Ahamed 4 0 26 1 6.50
Saif Hassan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Niroshan Dickwella b Ramesh Mendis 24 26 3 1 92.31
Saif Hassan c Suranga Lakmal b Praveen Jayawickrama 34 46 5 1 73.91
Najmul Hossain Shanto b Praveen Jayawickrama 26 44 4 0 59.09
Mominul Haque b Ramesh Mendis 32 48 4 0 66.67
Mushfiqur Rahim c Dhananjaya de Silva b Ramesh Mendis 40 63 5 0 63.49
Liton Das lbw b Praveen Jayawickrama 17 46 1 0 36.96
Mehidy Hasan Miraz c Pathum Nissanka b Praveen Jayawickrama 39 89 4 0 43.82
Taijul Islam c Niroshan Dickwella b Dhananjaya de Silva 2 30 0 0 6.67
Taskin Ahamed c Dimuth Karunarathne b Ramesh Mendis 7 33 0 0 21.21
Shaiful Islam not out 0 2 0 0 0.00
Abu Jayed lbw b Praveen Jayawickrama 0 3 0 0 0.00


Extras 6 (b 3 , lb 2 , nb 1, w 0, pen 0)
Total 227/10 (71 Overs, RR: 3.2)
Fall of Wickets 1-31 (7.1) Tamim Iqbal, 2-73 (16.4) Saif Hassan, 3-104 (22.5) Najmul Hossain Shanto, 4-134 (31.6) Mominul Haque, 5-171 (41.4) Mushfiqur Rahim, 6-183 (50.2) Liton Das, 7-206 (61.2) Taijul Islam, 8-227 (69.4) Taskin Ahamed, 9-227 (70.3) Mehidy Hasan Miraz, 10-227 (70.6) Abu Jayed,

Bowling O M R W Econ
Suranga Lakmal 4 2 14 0 3.50
Ramesh Mendis 28 2 103 4 3.68
Praveen Jayawickrama 32 10 86 5 2.69
Dhananjaya de Silva 7 1 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<