ශ්‍රී ලංකා Greats XI සහ Team ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කරයි

186

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා Greats XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘Team ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා වදිනු ලබන කණ්ඩායම් නිල වශයෙන් අද (01) මාධ්‍යයට නිකුත් කෙරුණා.

COVID-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළඹෙන මැයි 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර විස්සයි විස්ස තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා Greats XI කණ්ඩායම හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින් ද, Team ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන විස්සයි විස්ස නායක දසුන් ශානක විසින් ද මෙහෙය වීමට නියමිතයි.

ශ්‍රී ලංකා Greats XI: සනත් ජයසූරිය (නායක), අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක), ෆර්වීස් මහරූෆ්, උපුල් චන්දන, උපුල් තරංග, නුවන් කුලසේකර, තිළිණ තුෂාර, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, මලින්ද වර්ණපුර, ඉන්දික ද සේරම්, ජෙහාන් මුබාරක්, සමන් ජයන්ත

Team ශ්‍රී ලංකා: දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, රමේෂ් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, තිසර පෙරේරා, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<