මාස්ක් දාන්න කියන්න ‘දෙවියෝ වැඩලා’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 22, 2021

මාස්ක් දාන්න කියන්න ‘දෙවියෝ වැඩලා’

ඉන්දියාවේ බැංගලෝර් නුවර හින්දු බැතිමතුන් ‘රාම් නවාමී’ සැණකෙළිය සමරද්දී, ඊට සමගාමීව, කොරෝනා වසංගතයෙන් බේරීමේ යහපත් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් බැංගලෝර් වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ආරම්භ වී තිබේ.

‘රාම් නවාමී’ සැණකෙළියට සමගාමීව, හින්දු වැසියන් දේවත්වයෙන් සලකන දේව චරිත, බැංගලෝර් වීදි සංචාරය කරමින්, මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සහ මුහුණු ආවරණ නොමැති පුද්ගලයන්ට මුහුණු ආවරණ බෙදා දීම සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

‘රාම් නවාමී’ හින්දු සැණකෙළිය පැවැත්වෙන්නේ රාමායණය පාදක කර ගනිමිනි. රාමායණයේ වීරයන් වන රාමා, සීතා, ලක්ෂ්මණ සහ හනුමන් ලෙසින් සැරසුණු පිරිස් මෙසේ මුහුණු ආවරණ පැලැදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වී සිටිති.

‘මුහුණු ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයි. ඒත් ජනතාවට ඒ ගැන අවබෝධයක් නැහැ. කොතරම් උපදෙස් දුන්නත් පිළිඳින්නේ නැහැ. ඒ නිසා ඔවුන් ඉහමත් භක්තියෙන් අදහන දේව චරිත යොදා ගනිමින් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම හොඳ උපක්‍රමයක්’ යැයි බැංගලෝර් නුවර සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom