Home Sinhala වාර්තා බිඳ දමමින් බංග්ලාදේශ පිතිකරණ ආධිපත්‍ය විහිදෙයි

වාර්තා බිඳ දමමින් බංග්ලාදේශ පිතිකරණ ආධිපත්‍ය විහිදෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

174

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (22) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වුනා.

අයහපත් ආලෝක තත්වය සහ අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 65ක් පමණයි. තරගයේ දෙවැනි දිනය නිමා වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 474ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 302ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවුණු අතර යොවුන් වමත් පිතිකරු Najmul Hossain Shanto සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 126*ක් ලබාගෙන සිටින විට, නායක Mominul Haque නොදැවී ලකුණු 64*ක් ලබාගෙන සිටිය දී දිනය ආරම්භ වුනා.

පළමු දිනයේ දී මෙන්ම දෙවන දිනයේ දී ද ඉතාමත් පහසුවෙන් සිය ලකුණු ලබා ගැනීමේ රටාව දියත් කළ Mominul සහ Shanto තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 242ක සබඳතාවයක් ගොඩනංවමින් වසර තුනක් ඉපැරණි වාර්තාවක් බිඳ හෙළුවේ බංග්ලාදේශ පිතිකරුවන් යුගලයක් තුන්වැනි කඩුල්ල සඳහා ටෙස්ට් තරගයක දී ගොඩනැංවූ හොඳම ලකුණු සබඳතාවයේ වාර්තාව තමන් සතු කරගනිමිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

මීට පෙර එම සබඳතාවය සඳහා හිමිකම් කීවේ Mominul Haque සහ Mushfiqur Rahim දෙදෙනා එන අතර ඔවුන් දෙදෙනා 2018 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 236ක සබඳතාවයක් ගොඩනංවමින් එම වාර්තාව පිහිටවූ අතර Mominul සහ Shanto දෙදෙනා විසින් අද දිනයේ දී බිඳ හෙළුවේ එම වාර්තාවයි.

තවමත් ටෙස්ට් තරග 7ක් පමණක් ක්‍රීඩා කර තිබෙන Shanto සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගත් ඉනිම ලකුණු 163ක් දක්වා වර්ධනය කර ගත් අතර ලහිරු කුමාර එවූ වේගය අඩාල කළ පන්දුවක් හරි හැටි අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් පෙරලා පන්දු එවූ ලහිරු කුමාර වෙතම උඩපන්දුවක් ලබා දෙමින් Shanto දැවී ගියා. පන්දු 378ක් සඳහා මුහුණ දුන් Shantoගේ ඉනිම සඳහා 4 පහර 17ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

Photos: Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 2

නායකත්වයේ ඉනිමක් දියත් කළ Mominul අද දිනයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් අතර එහි තිබෙන සුවිශේෂීතාවය වූයේ බංග්ලාදේශයෙන් එපිට ඔහු ලබා ගත් පළමු ටෙස්ට් ශතකය මෙය වීමයි. අවසානයේ දී ඔහුගේ ඉනිම නිමා කිරීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර Mominul 4 පහර 11ක් එල්ල කරමින් පන්දු 304ක දී එම ලකුණු 127 වාර්තා කරගත්තා.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නිරත වන Mushfiqur Rahim ලකුණු 43*ක් ලබාගෙන සිටින අතර Liton Das ලකුණු 25*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාව විසින් විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීමේ අවස්ථා නිසියාකරව ප්‍රයෝජනයට ගන්නා බවක් නොපෙනුණු අතර බංග්ලාදේශය ඉතාමත් ඉවසිලිවන්ත පළමු ඉනිම සවිමත් ලකුණු මට්ටමක් දක්වා ගොඩනැගුවා.

හෙට (23) තරගයේ තුන්වන දිනයයි. තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<