Azam විස්සයි විස්සේ ඉහළට

125

නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේ දී දැක්වූ දස්කම් නිසාවෙන් පන්දුවාර විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පාකිස්තාන ක්‍රීඩක Babar Azam සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකානු සංචාරයේ දී පන්දු 49ක් තුළ ලකුණු 122ක් ලබා ගනිමින් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ Babar Azam ශ්‍රේණිගත කිරීමේ දෙවැනි තැන පසු වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Aaron Finch පසුකරමින් දෙවැනි තැනට පැමිණ තිබුණා.

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ Babar Azam තරගාවලිය තුළ දී අර්ධ ශතකයක් සහ ශතකයක් සමඟින් ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වුනා.

නවතම ශ්‍රේණිගත කිරීමට අනුව Babar Azam, මේ වන විට පෙරමුණේ පසුවන Dawid Malanට වඩා ප්‍රසාද ලකුණු 48ක් පිටුපසින් සිටින අතර ඊයේ (21) ආරම්භ වූ සිම්බාබ්වේ සංචාරයේ දී හොඳින් ක්‍රීඩා කළහොත් Dawid Malan අභිබවා යාමට ද ඔහුට විශාල හැකියාවක් තිබෙනවා.

එමෙන්ම එම සංචාරය තුළ දී දැක්වූ දස්කම් මත එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉන්දීය ක්‍රීඩක Virat Kohli දිගු කලකට පසු දෙවැනි තැනට පත්කරමින් පෙරමුණට පැමිණීමට ද Babar Azam පසුගිය සතියේ සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඔහුට අමතරව එම සංචාරයේ දී අර්ධ ශතකයක් ලබා ගත් Fakhar Zaman ස්ථාන 17ක් ඉදිරියට පැමිණෙමින් පිතිකරුවන් අතර 33 වැනි තැනටත්, Mohammad Rizwan ස්ථාන 8ක් ඉදිරියට පැමිණ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 15 වැනි තැනටත් පැමිණීමට සමත්ව තිබුණා.

එමෙන්ම පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi ද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ එකොළස්වැනි ස්ථානයට පැමිණෙමින් සිය ක්‍රීඩා දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට සමත්ව ඇත.

පාකිස්තාන තරගාවලියේ දී පිතිකරණයෙන් දස්කම් දැක්වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන Rassie van der Dussen විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ නවවැනි තැනටත්, Aiden Markram 34 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට සමත්ව තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<