SLC ගත් තීරණයක් හදිසියේම වෙනස් වෙයි

වෙළඳසේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය 2021

216
MCA Premier League 2021

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය මීට පෙර  තීරණය කර තිබූ නමුත්, දැන් එවැනි කණ්ඩායමක් සහභාගී නොකරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන තිබෙන අතර නැගී එන හා සංවර්ධන සංචිතවල ක්‍රීඩකයින් සඳහා පෙළ ගැසී ඇති කාර්ය සාධන වැඩසටහන් (performance programs) කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු නිසාවෙන් එම කමිටුව විසින් මෙම තීරණය රැගෙන තිබෙනවා.

පසුගිය වසරේ පැවති වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් ක්‍රීඩා කළ අතර එයින් එම යොවුන් ක්‍රීඩකයින් අත්දැකීම් රැසක් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

28 වැනි වතාවට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2021 අප්‍රේල් 20 වැනිදා සිට මැයි 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලිය සඳහා මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම ආයතන 4ක් තරග වදිනවා.

මෙම තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<