ධර්මසේන සහ පල්ලියගුරුගේ ප්‍රධාන විනිසුරුවන් ලෙස නම් කරයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - 2021

190

මෙම මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරුන් සහ විනිසුරුවන් අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

එම තරග ද්විත්වයේම ප්‍රධාන විනිසුරුවන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රවීණ විනිසුරුවරුන් දෙදෙනෙකු වන කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරුන් නම් කර තිබූ අතර අතිරේක විනිසුරුවරයා ලෙස ප්‍රගීත් රඹුක්වැල්ල මහතා නම් කර තිබුණා.

එමෙන්ම තරගාවලියේ තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා සහ තෙවැනි විනිසුරුවරයා ලෙස රවින්ද්‍ර විමලසිරි මහතා නම්කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියේ සිව්වැනි විනිසුරු ලෙස ලින්ඩන් හැනිබල් මහතා නම් කර තිබූ අතර ග්‍රෑම් ලැබ්රෝයි මහතා අතිරේක තරග විනිසුරුවරයා ලෙස තරගාවලියට එක්කර තිබුණා.

ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පසුගිය වසරේ පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් දෙවතාවක් කල් දැමීමට තීරණය කිරීමෙන් පසුව මෙම මාසයේ දී පැවැත්වීමට කටයුතු කළා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 21 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<