සෞදියට බ්‍රසීලයට ඉරානයට ශ්‍රී ලංකා තානාපතිවරු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 18, 2021

සෞදියට බ්‍රසීලයට ඉරානයට ශ්‍රී ලංකා තානාපතිවරු

සෞදි අරාබිය, බ්‍රසීලය සහ ඉරානය යන රටවල් සදහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනෙකු පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 

ඒ අනුව සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පී.එම්.අම්සා , බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඩී.එම්.එස්.පී.දසනායක සහ ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් විශ්වනාත් අපෝන්සු යන මහත්වරුන් රජය විසින් පත් කරනු ලැබ ඇත. 

මීට පෙර එම රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස කටයුතු කළ තානාපතිවරුන්ගේ සේවා කාලය අවසන්වීමත් සමග එම ධූරවල පුරප්පාඩු පිරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නව පත් කිරීම සිදු කර ඇත. පත් කරනු ලැබූ නව තානාපතිවරුන් තිදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ වෙති.

සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම් ලැබූ පී.එම්.අම්සා මහතා 1992 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වූ අතර හෙතෙම මීට පෙර බ්‍රසල්ස් යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති , ඔස්ට්‍රියාවේ වියානා හි ශ්‍රී ලංකා තානාපති ,ලෙසද කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.හෙතෙම විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසද කටයුතු කර ඇත. 

බ්‍රසීලය සදහා පත් කළ තානාපති ඩී.එම්.එස්.පී.දසනායක මහතා 1998 වසරේදී ද, ඉරානය සදහ පත් කළ තානාපති විශ්වනාත් අපෝන්සු මහතා 2003 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ අය වෙති. 

සෞදි අරාබිය , බ්‍රසීලය සහ ඉරානය යන රටවල් සදහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනා ගේ නම් මේවන විට උසස් නිල පිළිබද පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය සදහා ඉදිරිපත් කරනු ලැබූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom