අවමංගල්‍යයට පැමිණි හැරී-විලියම් කුමරු හමුවෙති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 18, 2021

අවමංගල්‍යයට පැමිණි හැරී-විලියම් කුමරු හමුවෙති


පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද ඊයේ (17) සිදු කෙරුණු අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිවලට අනුව, අවමංගල අවස්ථාවට සහභාගී වූයේ රජ පවුලේ සාමාජිකයන් සහ පිලිප් කුමරුන්ගේ සමිපතම මිතුරන් සහ හිතවතුන් ඇතුළු 30 දෙනකු පමණි. 

පිලිප් කුමරුන්ගේ අවමංගල කටයුතු පැවැත්වූයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේත්, වින්ඩ්සර් මාලිගයේත්ය. දේහය රැගෙන යෑම සිදුවූයේ පිලිප් කුමරුන්ගේ ලෑන්ඩ්රෝවර් ජිප් රථයෙනි. එය එසේ සිදුවුයේ පිලිප් කුමරුන්ගේ අවසන් කැමැත්තට අනුවය. 

රජ පවු‍ලේ කටයුතුවලින් ඉවත් වී, බිරිද මෙගාන් මාකෙල් සමග ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටින හැරී කුමරු ද තනිවම අවමංගල උත්සවයට පැමිණ සිටියේය. 

හැරී මෙගාන් යුවල බ්‍රිතාන්‍ය රජ පවුල විවේචනය කරමින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ බැවින්, හැරී කුමරු සහ ඔහුගේ අයියණ්ඩිය විලියම් කුමරු අතරේත්, හැරී කුමරු සහ රජ පවුලේ සෙසු සාමාජිකයන් අතරේත් ඇයිහොදයිකම් පළුදු වී තිබුණි.  
විලියම් කුමරු අවමංගල්‍යයට සහභාගී වූයේ බිරිද කේට් ම්ඩ්ල්ටන් සමගය. 

ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පැවැති දේව මෙහෙය අවසන් වී එයින් පිටවෙද්දී, කේට් මිඩ්ල්ටන්, හැරී සහ විලියම්ට තනිවම කතාබහ කිරීමට ඉඩ දි පැත්තකට වූවාය. 

ඒ අනුව, හැරී සහ විලියම් කුමරුන්ට ඔවුන් අතරේ පළුදු වූ ඇයිහොදයිකම් යළි වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලැබුණු බව ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි. 

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom