කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 17, 2021

කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවා

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව රාවුල් කස්ත්‍රෝ කියයි. කියුබානු කොමියුනිස්ට් පක්ෂය කස්ත්‍රෝ පවුල සතුව පැවැතියේ දශක 6 ක් තිස්සේය. 

පසුගිය දා පැවැති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අමතමින් 89 හැවිරිදි රාවුල් කියා සිටියේ, නව පරම්පරාවට සුදුසු නායකයකුට ඉඩ දෙමින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවය. පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද විමසුමෙන් සිදුවනු ඇත. 

1959 කියුබන් විප්ලවයෙන් පසු, කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙමින් පක්ෂය මෙහෙයවීම කළේ රාවුල්ගේ සොහොයුරු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝව ය. 

2018 වසරේ සිට කියුබාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, මිගුවෙල් දියේස් කැනැල් ය. කැනැල් කියුබානු ජනාධිපති ධුරයට තෝරා ගැනීම සිදුවුයේ රාවුල්ගේ කැමැත්ත පරිදිය. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව, කැනැල් ට හිමිවනු ඇතැයි පැවැසෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom