ශ්‍රී ලංකාවට අලුත් ක්‍රිකට් කළමනාකරුවෙක්

182
New Team Manager for Sri Lanka cricket

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස මනුජ කාරියප්පෙරුම මහතා කටයුතු කිරීමට නියමිතයි.

ඔහුගේ මෙම පත්වීම තාවකාලික තනතුරක් පමණක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථිර කළමනාකරවරයෙකු පත්කර ගැනීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේ දී කණ්ඩායමේ කළමනාකාරිත්වය දැරූ ජෙරම් ජයරත්න මහතා බංග්ලාදේශ සංචාරයේ දී එම වගකීම් දරනු ලබන්නේ නැහැ.

කාරියප්පෙරුම මහතා මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර සහ දේශීය මෙහෙයුම් සහ සංවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
අප්‍රේල් 17-18 පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය 
අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දක්වා පළමු ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
අප්‍රේල් 29 සිට මැයි 03 දක්වා දෙවන ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<