SL Legends නියමුවාට Aussie ක්‍රීඩා සමාජයක නායකත්වය!

162

Legends තරග බිම තම අණසක යටතට ගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද එක සේ දස්කම් පෑ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක T. M. ඩිල්ශාන් හට නැවත වතාවක් ක්‍රිකට් පිටියේ සක්‍රීය භූමිකාවක් රඟ දැක්වීමේ අනගි අවස්ථාවක් උදා වී තිබෙන්නේ ඔහුගේ නායකත්වය කුසලතාවන් ද යලි විදහා දැක්වීමේ ඉඩප්‍රස්තාව සකසා දෙමිනි.

2020/21 ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ තරග වාරය සඳහා කණ්ඩායම් තෝරාපත් කරගැනීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන අතර තෙවැනි කාණ්ඩය (Division 03) යටතේ තරග වදින ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන Mulgrave ක්‍රීඩා සමාජය ඔවුන්ගේ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය T. M. ඩිල්ශාන් හට පිරිනැමීමට තීරණයකොට තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

“තිලකරත්න නිමාව දුටු තරගවාරයේදීත් අපේ T20 කණ්ඩායම සමඟ එකතු වෙලා සාර්ථක අවසානයක් කරා අපේ කණ්ඩායම රැගෙන යන්න විශාල කාර්‍යභාර්‍යක් ඉටු කළා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරපු සේවාව ගැන අපි හැමෝම දන්නවා. නායකයෙකු වගේම දක්ෂ ක්‍රීඩකයෙකු විදියටත් ඔහුගෙන් අපේ ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා” යනුවෙන් සිය Facebook පිටුවට සටහනක් එක්කිරීමට Mulgrave කණ්ඩායම කටයුතුකොට තිබුණි.

තමන් ද ඉතාමත් උනන්දුවෙන් සහ දැඩි ඕනෑකමින් කළ හැකි උපරිම සේවය Mulgrave කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ඩිල්ෂාන් ඔහුගේ පෞද්ගලික  Facebook ගිණුමට පණිවිඩයක් එක්කරමින් සඳහන් කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<