HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර මිලියන 74කට පෙර විසූ දත් පහේ මෘගයා හමුවෙයි!

විද්‍යාඥයන් පිරිසක් විසින් අවුරුදු හත් කෝටි හතළිස් ලක්ෂයක් එහෙමත් නැත්නම් වසර මිලියන 74කට පෙර චිලියේ වාසය කළ උරුලෑවකුට සමාන පුරාණ සතකුගේ පොසිලයක් සොයා ගෙන තියෙනවා. පොසිල විද්‍යාඥයන් විසින් ඌට විද්‍යාත්මක නමකුත් දීලා තියෙනවා. ඒ තම තමා ‘ඔරිතේරියම් සෙන්’ (Orretherium tzen) හෙවත් 'දත් පහේ මෘගයා’ යන්න. ක්ෂීරපායීයකු වූ මේ සතා හමුවී ඇත්තේ උතුරු චිලියේ ‘රියෝ ඩි ලාස් චයිනාස් වැලී’ නම් ගංගා නිම්නයේදියි. එම ස්ථානය හඳුන්වා ඇත්තේ ‘මැමල් ක්වරි’ (Mammal Quarry) කියායි. එහි අරුත මැමල් හෙවත් ක්සීරපායී ගල්වළ යන්නයි. 

චිලියේ පැටගෝනියානු කලාපයේ දී මතු වූ ‘දත් පහේ මෘගයා’ අතීතයේ ඒ කලාපයේ බිම්වල 
සැරි සරූ හැටි චිත්‍රශිල්පියකුට පෙනුනු අයුරු.

ඩයිනසෝරයන් ජීවත්ව සිටි යුගයේ ජීවත් වූයේ යැයි සලකෙන මේ මෘගයාගේ පොසිල බවට පත් වූ හකු ඇටයක්, එකට බැඳුණු දත් පහක් හමුවී තියෙනවා. ඌ ශාක භක්ෂකයකු ලෙසයි විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ. මේ සොයා ගැනීම නිසා දකුණු ඇමෙරිකාවේ ක්ෂීරපායීන් විසූ යුගය මෙතෙක් සිතා සිටියාට වඩා අතීතයට යැවෙනවා. 

පසුගිය වසරේදීද මේ ගල්වළෙන් කාන්තකයකුගේ පොසිලයක් සොයා ගත්තා. මැගලනෝඩන් බයිකාෂ්කෙන්කී (Magallanodon baikashkenke) කියා නම් ඒ ක්ෂීරපායීයාත් ඒ යුගයට අයත් එකෙක්. ඒ හැරුණාම මීට කලින් සොයා ගෙන ඇති පොසිල සියල්ලම ඊට පසුකාලීනව ජීවත් වූ, ඒ කියන්නේ වසර මිලියන 46ත් 38ත් අතර කාලයේ විසූ සතුන්. ඒ සත්ව පොසිල හමුවී තියෙන්නේ අ‍ැමරිකාවේ දකුණු තුඩුව ආශ්‍රිතවයි. 

පොසිල විද්‍යාඥයන් මතුකර ගත් ඒ සතාගේ පොසිල අතරින් සොයා ගත් හකු ඇටය 
හා එකට බැඳුණු දත් පහ. මෙය හමුවී ඇත්තේ උතුරු චිලියේ ‘රියෝ ඩි ලාස් 
චයිනාස් වැලී’ නම් ගංගා නිම්නයේදියි

2020 පෙබරවාරි 24 වැනිදා ‘රියෝ ඩි ලාස් චයිනාස් වැලී’ නිම්නයේ දී 
ඒ පොසිල හමුවූ ප්‍රදේශයේ පිරික්සීම් කරන පොසිල විද්‍යාඥයන් පිරිසක්.

දැනට සොයා ගෙන ඇති තොරතුරු අනුව චිත්‍රශිල්පියකු ‘ඔරිතේරියම් සෙන්’ 
(Orretherium tzen) හෙවත් 'දත් පහේ මෘගයා’ දුටු හැටි

චිලි විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥ ආචාර්ය සර්ජියෝ සර්ටෝ කියන්නේ මෙවැනි සොයා ගැනීම්වලින් බොහෝ කලෙකට පෙර වඳවී ගිය ගොන්ඩ්වානන්තෙරියා (Gondwanatheria) නම් ආදී ක්ෂීරපායීන්ගේ පරිණාමය පිළිබඳ ගැටලු විසඳා ගැනීමට අපට හැකි වෙනවා කියලයි. 

‘අපි මෙතෙක් බලාපොරොත්තු නොවූ දේ අපට හමුවෙමින් තියෙනවා. අපට ඩනොසෝරයන්, මැමේලියාවන් ඇතුළු ආදියේ විසූ අනෙක් සත්ව කාණ්ඩ ගැන මෙතෙක් නොදත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වේවි.’ආචාර්ය සෝලෝ කියනවා. 

‘මේ වගේ තවත් තැන්වල පොසිල හමුවෙන්න පටන් ගත්තා ම අතීතයේ බොහෝ රහස් එළිදරවු වේවි. සත්ව පරිණාමයේ නව මානයකට අපව ගෙන යාවි.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments